නැගෙනහිර ඉන්දියාවේ අන්දමන් හා නිකොබාර් දූපත්හි බ්ලෙයා කාටුව බලා පියාසර කළ හමුදා යානයක් බෙංගාල බොක්කේ දී අතුරුදන් වූ බව ඉන්දියා ග්වන් හමුදාව කියයි. රුසිවේ නිශ්පාදිත ඇන්ටනේව් 32 ප්‍රවාහන යානයක් මෙසේ අතුරුදන් වූ ඇතැයි කියති. යානය ගුවන් ගත වී මිනිත්තු 15 කින් යානය සමඟ සබඳතා බිඳවැටී ඇත. ගුවන් යානයේ පිරික්සුම් පහන හදිසි අවස්ථාවක දී ඉබේම ක්‍රියාත්මක වන බවත් ගුවන් හමුදාව කියයි
අද පස්වරු 2.30 වන විටත් පිරික්සුම් පහන හමු නොවුන බව ඉන්දියා ආරංචි කියයි. යානයට අනතුරක් වූයේ නම් පමණක් එම උපකරණය මුහුඳෙන් උඩට මතු වන බව ඉන්දියා ගුවන් හමුදාව කියයි.
ඉන්දායා ගුවන් හමුදාව නාවික හමුදාව වෙරළාරක්ෂක සේවය යානය සොයා මෙහෙයුමක් ඇරඹීය. යානයේ තෙල් වලින් පැය 4 ක්පියාසර කළ හැකි මෙවැනි යානා 100 ක් පමණ ඉන්දියා ගුවන් හමුදාව සතු වෙයි.
ගුවන් යානාද නැව් 4 ක් ද බෙංගාල බොක්කට හරවා යැවූ බව ඉන්දියාව කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd