මුම්බායිහිදීය (රොයිටර්)
ඉන්දීය රුපියල ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කරමින් අද (9) තවදුරටත් අවප්‍රමාණය විය.
මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන ඉන්දීය රුපියල් ප්‍රමාණය 74.28ක් දක්වා වාර්තා ගත අන්දමින් ඉහළ ගියේය. එය ඉන්දීය රුපියල ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගයයි.
මේ තත්ත්වයත් සමඟ දකුණු ආසියානු කලාපයේ වැඩිම වේගයකින් අවප්‍රමාණය වන සහ අඩුම කාර්ය සාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ද ඉන්දීය රුපියලයි.
පසුගිය සතියේදී ඉන්දීය මහ බැංකුව රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා යම් මැදිහත් වීමක් කළ ද එය ප්‍රමාණවත් නොවීය. මේ අතර රුපියල වේගයෙන් කඩා වැටීම සඳහා ඉන්දීය මහ බැංකුව යම් මැදිහත් වීමක් කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල ගුනවර්දන, නාලක ගොඩහේවා, අජිත් කබ්රාල් සහ මහාචර්ය පීරිස් වීසා අරන් දීල ඉන්දියාවට යැව්වනම් ඔය ප්‍රශ්නය නිකම්ම විසදලා දෙයි. ධම්මික
ඉන්දියාවේ එහෙම වුණත් ඉන්ධන තෙල්වල මිල අඩු කරලා.