IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දීය රජයට දෙන්න ඕනෑ මුදල් මාර්තු 17 ට පෙර ගෙවන්න

ඉන්දීය රජයට අය විය යුතු මුදල් කඩිනමින් ගෙවන්නැයි ද මාර්තු 17 වනවිට එම මුදල් නොගෙවන්නේ නම් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නඩු පවරන්නේ යැයි ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ප්‍රකාශ කළේය.
 
දුරකතන සමාගම්වලට දැඩි ලෙස චෝදනා කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාගම් ඉදිරිපත් කළ පෙත්සමක් ද නිශ්ප්‍රභා කළේය. 

‘වොඩැෆෝන්-අයිඩියා’ සහ ‘භාරතී එයාර්ටෙල්’ යන සමාගම් බදු සහ පොළී ඇතුළුව ඉන්දීය රුපියල් බිලියන 920ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 12.89ක්) ඉන්දීය රජයට ගෙවිය යුතුව ඇත.
 
ජනවාරි 23 වැනිදා වනවිට මෙම මුදල් ගෙවිය යුතුව තිබී ඇති අතර දුරකතන සමාගම් එම ගෙවීම් පැහැර හැර ඇත. 

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ද මේ සම්බන්ධයෙන් තීන්දුවක් දී තිබූ අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව නැවත විමසා බලන්නැයි ඉල්ලමින් අදාළ සමාගම් ඉදිරිපත් කළ පෙත්සම ද නිශ්ප්‍රභා කළේය.
 
“මේක සියයට සියක්ම අධිකරණයට අපාහස කිරීමක්” යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන් මිෂ්රා එම සමාගම්වල සහ රජයේ නීතීඥවරුන්ට පැවසීය. 

‘වොඩැෆෝන්-අයිඩියා’, ‘භාරතී එයාර්ටෙල්’ සහ ‘රිලායන්ස් ජියෝ’ යන සමාගම්වලට ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ සහාය ද හිමි වේ.
 
ඉන්දියාවේ ජංගම දුරකතන වෙළෙඳපොළේ  90% ක් පාලනය කරන්නේ ඉහත කී සමාගම් ත්‍රිත්වයයි. කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු එයාර්ටෙල් සහ වොඩැෆෝන් සමාගම්වලට අවදානම් තත්ත්වයක් ද ඇති වී තිබේ.
 
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා ‘වොඩැෆෝන්-අයිඩියා’ පැවැත්මට ද තර්ජනයක් එල්ල වී තිබේ. ‘වොඩැෆෝන්-අයිඩියා’ යනු බ්‍රිතාන්‍යයේ ‘වොඩැෆෝන්’ සමූහ ව්‍යාපාරය සහ ඉන්දියාවේ ‘අයිඩියා සෙලූලර්’ සමාගම සම්බන්ධ වී පටන් ගත් හවුල් ව්‍යාපාරයකි.
 
‘වොඩැෆෝන්-අයිඩියා’ සමාගම විතරක් ඉන්දීය රජයට ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.9කි.

නියෝග නොපිළිපදිමින් කටයුතු කළහොත් අදාළ සමාගම් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ඊට වගකිව යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

“අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විමසීම නතර කරමුද ? මේ රටේ නීතියක් කියලා දෙයක් නැද්ද?” යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මිෂ්රා විමසීය. 

“අධිකරණයට අපහාස කළා කියලා අපි හැමෝටම විරුද්ධව නඩු දානව” යැයි ද ඔහු කීය.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසුව ‘වොඩැෆෝන්-අයිඩියා’ සමාගමේ කොටස්  19% කින් පහත වැටුණි.
 
සමාගමේ වටිනාකම මේ වසරේදී පමණක් 27% 
 
සමාගමේ වටිනාකම මේ වසරේදී පමණක් 27% කින් අහිමි වී තිබෙන අතර පසුගිය වසරේදී සමාගමට එහි වටිනාකමෙන් 73% ක් අහිමි විය.  
 
රොයිටර්  
 
 
055



අදහස් (0)

ඉන්දීය රජයට දෙන්න ඕනෑ මුදල් මාර්තු 17 ට පෙර ගෙවන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site