සිය ඥාති දියණියගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රධාන මාධ්‍ය හිමිකරුවකු වන පීටර් මුඛර්ජිට නඩු පවරා ඇත.
පීටර් මුඛර්ජිගේ බිරිය ඉන්ද්‍රානි හා ඇගේ පෙර සැමියාද චෝදනා ලබා සිටිති. ඉන්ද්‍රානිගේ පෙර සම්බන්ධයකින් ඉපදුණු ක්ෂීණා බෝරා (22) ගෙල මිරිකා මරා සිරුර කැලයට විසි කර ගිනි තැබීයැයි කියති.
2012 අප්‍රේල් මාසයේදි මේ ඝාතනය සිදුවී ඇත. බෝරා මරා දැමීමට හේතුව වශයෙන් සලකනුයේ පීටර් මුඛර්ජිගේ පෙර විවාහයක පුතකු සමග ඇගේ සම්බන්ධයක් තිබීම බව කියති. මුඛර්ජි 1997 - 2007 කාලයේ ‘ස්ටාර් ඉන්දියා‘ ප්‍රධාන විධායක ලෙසත් ඉන්පසු ඔහුගේම රූපවාහිනී ආයතනයක් පටන් ගත් බවත් එය අතිශයින් සාර්ථක බවත් ප්‍රංශ පුවත් සේවය කියයි.




COMMENTS