IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය නිලධාරීන් තලේබාන් නායකයන් හමුවෙලා

ඉන්දීය නිලධාරීන් හොර රහසේ තලේබාන් සංවිධානයේ දේශපාලන නායකත්වය මුණ ගැසී ඇතැයි කටාර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

තලේබාන් සංවිධානයේ දේශපාලන නායකයන් කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිටින අතර ඉන්දීය නිලධාරීන් දෝහා නුවරට ගොස් හොර රහසේ ඔවුන් හමුව වී ඇති බව තහවුරු වී ඇතැයි ද එම පුවත්පත වාර්තා කරයි.

ඉන්දීය බලධාරීන් තලේබාන් සංවිධානයේ සාමාජිකයන් සෘජුව මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ බවට මීට පෙර වාර්තා වී තිබිණි.

කෙසේ නමුත් එය නිල වශයෙන් තහවුරු කළ පළමු අවස්ථාව මෙය වේ.

“තලේබාන් නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන්න ඉන්දීය බලධාරීන් දෝහා නුවරට පැමිණි බව මට දැනගන්නට ලැබෙනවා” යැයි මජීද් අල් කටානි පැවැසීය.

මජීද් අල් කටානි කටාර් රාජ්‍යයේ ත්‍රස්ත විරෝධී හා ගැටුම් නිරාකරණ සහ මැදිහත් වීම විශේෂිත නියෝජතවරයා ය.

කටාර් රාජ්‍යයේ නායකත්වය මුණ ගැසීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් දෝහා නුහරට ගිය බවට ඉකුත් දා ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් විය.

මජීද් අල් කටානි ඉන්දීය බලධාරීන් දෝහා නුවරට පැමිණි බව ප්‍රකාශ කළේ එම නිවේදනයෙන් පසුවය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සතියක කාලයක් ඇතුළත දෙවරක් දෝහා නුවරට පැමිණි ඇති බව ද වාර්තා වේ.

මජීද් අල් කටානිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර විදේශ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.

තලේබාන් සංවිධානයේ දේශපාලන නායකත්වය සමඟ කුමන මට්ටමක සාකච්ඡා පැවැතියේ දැයි විමසූ නමුත් විදේශ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.

ඇෆ්ගනිස්තානයේ අනාගතය දෙස බැලීමේදී තලේබාන් සංවිධානයට වැදගත් කාර්යභාරයක් තිබෙන බව පෙනී ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඉන්දීය බලධාරීන් පැමිණෙන්නට ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මජීද් අල් කටානි පැවැසීය.

“තලේබාන් සංවිධානය පාලනය අතට ගනී කියලා හැමෝම හිතනවා නෙමෙයි. නමුත් ඇෆ්ගනිස්තානයේ අනාගතය දෙස බැලීමේදී තලේබාන් සංවිධානයට ප්‍රධාන භූමිකාවක් තියෙනවා. මම දකින හේතුව ඒකයි. ඇෆ්ගනිස්තානයේ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට තිබෙන හේතුව ලෙස මම දකින්නේ එය” යැයි හෙතෙම කීය.

ඇමෙරිකානු සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමෙන් පසු ඇෆ්ගනිස්තාසයේ සාමය යන මාතෘකාව යටතේ පැවැති සමුළුවක් අමතමින් අල් කටානී එම කරුණු සඳහන් කළේය.

‘ඇරබ් සෙන්ටර් ඉන් වොෂින්ටන්’ සහ ‘සෙන්ටර් ෆෝ කන්ෆිලික්ට් ඇන් හියුමනිටේරියන් ස්ටඩීස් ඉන් දෝහා’ යන සංවිධාන දෙක මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී මේ සතියේ ඇමෙරිකාවට යාමට නියමිතව ඇත. හෙතෙම මේ සිකුරාදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. ඇමෙරිකානු සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත අතර ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා දින තුනක සමුළුවක් ඇමතීමට ද නියමිත ය.

‘ද හින්දු’ ඇසුරිනි



අදහස් (0)

ඉන්දීය නිලධාරීන් තලේබාන් නායකයන් හමුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 525 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site