ඉන්දියා ජනපතිවරණය ඊයේ (19) ආරම්භ වූ අතර එයින් කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සභාග රජයේ අපේක්ෂක ප‍්‍රණාබ් මුඛර්ජි නියතවශයෙන්ම ජයග‍්‍රහණය කරන බවට අනාවැකි පළ වී තිබේ.
ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලවල සහ ප‍්‍රාන්ත සභා මන්තී‍්‍රවරුන්ගේ ඡන්දයෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 20 වැනි දා ආරම්භ වීමට නියමිත අතර එදිනම ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එරට ජනාධිපතිවරයා නාමික රාජ්‍ය පාලකයකු වන අතර ඔහුට වඩා බලතල හිමි වන්නේ අගමැතිවරයාටය.
වැඩි බලතල නොමැති වුවත් පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට බහුතරයක් නැති අවස්ථාවක අගමැතිවරයකු පත් කිරීමේ බලය ජනපතිවරයා සතු වේ.
දැනට ඉන්දියාවේ පවතින දේශපාලන වාතාවරණය අනුව 2014 දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කවර පක්ෂයකටවත් බහුතරයක් නොලැබෙන බවට ලකුණු පහළ වී ඇත. ඒ අනුව 76 හැවිරිදි මුඛර්ජි ජනපතිධුරයට පත් වුවහොත් ‘රජුන් තනන්නකු’ බවට පත් වෙයි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.