ඉන්දීය කාන්තාවන්ට සිදුවන අපරාධ සුළුකොට තැකිය නොහැකි බවත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය රජය යුහුසුළුව කටයුතු කරනු ඇති බව තම විශ්වාසය බවත් ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා පවසයි.
ටිබෙටයෙන් පිටුවහල් වී ඉන්දියාවේ ධර්මශාලාහි ජීවත් වන දලයි ලාමා මේ බව කියා සිටියේ ජායිපූර්හි පැවැත්වෙන ආසියානු සාහිත්‍ය උළෙලට සහභාගී වී විශේෂ දේශනයක් පැවැත් වූ අවස්ථාවේදීය.
ආසියාවේ විශාලතම සාහිත්‍ය උළෙල ලෙස සැලකෙන්නේ ජායිපූර් සාහිත්‍ය උළෙලයි. දලයි ලාමා ඊට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි. ඔහුගේ දේශනය ඇසීමට 4,000 කට වැඩි පිරිසක් පැමිණ සිටි බව ද වාර්තා වේ.
දේශනය අවසානයේදී මාධ්‍යවේදීන් දලයි ලාමාගෙන් ප‍්‍රශ්න කිරීමට පටන් ගත් අවස්ථාවේදී එක් මාධ්‍යවේදියකු ඇසුවේ ස්තී‍්‍ර දුෂකයන්ට මරණ දඬුවම ලබා දිය යුතු නැද්ද යන්නයි.
"බොම්බේ සහ නවදිල්ලි යන නගරවල කාන්තාවන්ට අපරාධ බහුලව සිදුවෙනවා. මුලදී මේ ගැන කිසිවෙක් උනන්දු වුණේ නැහැ. ඒත් වෛද්‍ය ශිෂ්‍යාවට සිදුවූ අපරාධයෙන් පසුව ඒ ගැන කාගේත් ඇස් ඇරිලා. මෙවැනි අපරාධ සුළුකොට තකන්න බෑ. කාන්තාවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ඉන්දීය රජය කටයුතු කරාවි. මට ඒක විශ්වාසයි.” යැයි දලයි ලාමා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය කාන්තාවන්ට සිදුවන අපරාධ සුළුකොට තකන්න බෑ
අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 04:39 PM
දලයිලාමා තුමා අපේ රට ගැනත් හොයලා බැලුවොත් හොදයි.. හරියට බැලුවොත් ඉන්දියාව ගැන කියන්න දෙයක් නැහැ..!(නු)
ලීල් Tuesday, 29 January 2013 12:53 AM
මේ වෙලාවේ ලංකාවේ ගොඩක් පිරිමි මෙහෙම නිහඩ වෙලා ඉන්න එක අනුමත කරන්න බැහැ. (නි)
ලලිත් - කටාර් Monday, 28 January 2013 07:33 PM
ඉන්දියාවේ පමණක් නොව, අරාබිය, ලංකාව වැනි බොහෝ ආසියාතික රටවලත් ඇතිවී ඇත්තේ ඔය තත්ත්වයම තමයි. (නි)
ගාමිණී Monday, 28 January 2013 08:03 PM
ඉන්දියාවේ පමණක් නෙමෙයි ලංකාවෙත් මේ ප්‍රශ්නය තදින් බලපානවා. (නි)