ඉන්දියාවේ මුම්බායි දි විෂ මත්පැන් බිමෙන් 35 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාද්‍ය වාර්තා කරයි. මුම්බායි නගරයේ මැලඩ් පෙදෙසේ මුඩුක්කු නිවාස පෙළක පිරිසක් බදාදා මත්පැන් බීමෙන් පසු ලෙඩවීමෙන් රෝහල්ගත කැර ඇතැයි ඉන්දියා පොලිසිය පවසයි.
ඒ අතරින් 35 දෙනකු මියගොස් ඇති බවත් 20ට වැඩි පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ආරංචිමාර්ග පෙන්වාදෙයි. විෂ සහිත මත්පැන් බිමෙන් සිදුවන මරණ ඉන්දියාවේ සුලභ දෙයකි. නීතිවිරෝධී මත්පැන් මෙලෙස විෂවන බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
මත්පැන් විකුණූ බවට සැකපිට එක් අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
මේ වසරේ ජනවාරි මාසයේදී උත්තර ප්‍රදේශයේ විෂ මධ්‍යසාරය පානයෙන් අවම වශයෙන් 29 ක් දෙනෙක් වත් මියගියහ. 2011 බටහිර බෙන්ගාලයේ 170 ක්ද 2009 සැප්තැම්බරයේ උත්තර ප්‍රදේශයේදි 30 දෙනෙක්ද 2009 ජුලි වලදි ගුජරාට් ප්‍රාන්තයේදී 100 කට වැඩි පිරිසක් ද විෂ මධ්‍යසාරය පානයෙන් මියගොස් තිබේ.
COMMENTS
අපේ අය තැබුවේ පොතේ විතරයි. (නදී)
"මත මරු කැඳවයි"... කියන්නේ ඕකට තමා. ඕක ඔහොම වුණේ ඒ රටේ " මතට තිත " තියන්න පුළුවන් ජනාධිපති කෙනෙක් නොහිටපු නිසානේ....... (නි)