ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි - ගෝආ අධිවේගී මාර්ගයේ පාලමක් කඩා වැටීමෙන් 20 දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මුම්බායි නුවර සිට කිලෝ මීටර් 84ක් දුරින් ඇති රායිගාද් දිස්ත්‍රික්කයේ දී අනතුර සිදුව ඇති අතර බස් දෙකක් හා තවත් වාහන කිහිපයක් එහි ගඟකට වැටී ඇතැයි කියති.
අධික වැසි තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවේ. ගඟට වැටුණු පිරිස බේරාගැනීමේ මෙහෙයුම් අයහපත් කාලගුණය හේතුවෙන් අඩපණ වී ඇතැයි ඉන්දීය පොලිසිය පවසයි.
බේරාගැනීමේ කටයුතු සඳහා පිහිනුම්කරුවන් ඇතුළු 80 දෙනකු එම ප්‍රදේශයට යවා ඇතැයි එරට ආපදා කළමනාකරණ අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට කියලා නේද අපේ පාරවල් පාලම් හදන්න යන්නේත්? (නි)
පව් අහිංසක මිනිස්සු! ඕවා උඩින් යවන්න ඕනෑ ජයලලිතලාව. (නි)