IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඉන්දියාවේ පිදුරු ගිනි තැබීම නවත්වන්නැයි නියෝගයක්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ ඒ අවට නගර හා ප්‍රදේශවල පිදුරු ගිනි තැබීම සම්පූර්ණයෙන් නවත්වන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) නියෝග කළේය.

මේ සතියේ දෙවැනි දිනටත් නවදිල්ලි අගනුවර දහස් ගණනාවක් හුස්ම ගැනීමේ අපහසුතාවලින් පීඩාවට පත්ව සිටිති. ‘මෙගා නගරයක්’ වන ඉන්දියාවේ අගනුවර දෙවැනි සතියටත් විස දුමාරයෙන් වැසී තිබේ.

සෑම ශීත ඍතුවකදීම ඉන්දියාවේ අගනුවර විස දුමකින් වැසී යයි. වාහනවලින් නිකුත් වන විස දුමාරය, කර්මාන්තශාලාවලින් පිටවන දුම් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අසල්වැසි ප්‍රාන්තවල කරන ගිනිතැබීම්වලින් නිකුත් වන දුම යනාදිය නිසා නවදිල්ලියේ වායූ දූෂණය ඉහළ ගොස් තිබේ.

පිදුරුවලට ගිනි තැබීමෙන් නිකුත්වන දුමාරය වාතය දූෂණය වීමට බලපාන ප්‍රධාන හේතුවකි. මේ සතියේ දෙවැනි දිනටත් නවදිල්ලි අගනුවර පාසල් වසා දමා ඇති අතර ඉදි කිරීම් කටයුතු ද නවතා දමා තිබේ.

නවදිල්ලි අගනුවර වැසියන්ගේ ඔවුන්ගේ ජීවිත කාලයෙන් වටිනාම කාලයක් නැති කරගනිමින් සිටින බවත් වායූ ජනතාව නිසා දහස් ගණනක් වාර්ෂිකව මරණයට පත්වන බව ප්‍රකාශ කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්ට සම්පන්න රටක එය සිදු නොවිය යුතු යැයි ද සඳහන් කළේය.

පරිසරවේදීන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකළ පෙත්සමක් විභාගයට ගනිමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දුන්නේය.  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව නවදිල්ලිය, ඒ  අවට නගර, ප්‍රදේශ සහ ප්‍රාන්තවල පිදුරු හා එම අමුද්‍රව්‍යවලට ගිනි තැබීම වහාම නැවැත්විය යුතුය. කවුරුන් හෝ එම නියෝගය පිළිනොගනිමින් කටයුතු කළහොත් සමස්ත පරිපාලනයම, ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වාත්, පොලිසියත් ආදී සියලු දෙනාත් ඊට වගකිව යුතු බවත් සියලු දෙනාට එරෙහිව පියවර ගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණයෙන් සඳහන් කළේය.

ඉන්දියාව තුළ විශේෂයෙන්ම නවදිල්ලිය අගනුවර අවට නගර, ප්‍රදේශ හා ප්‍රාන්තවල පිදුරු හා එම අමුද්‍රව්‍යවලට ගිනි තැබීම නීති විරෝධි වුවත් ඇතැම් ගොවීහු වෙනත් විකල්පයක් නැති බව පවසමින් ඒවාට ගිනි තබති.

නවදිල්ලියේ වායූ දූෂණය ‘වාතයේ ඝණ මීටරයකට මයික්‍රෝග්‍රෑම් 1,000ක්’ දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එම අංශුවලට රුධිරයට එක්විය හැක  බවත් විශේෂඥයෝ පවසති. නවදිල්ලියේ වායූ දූෂණය පිළිබඳ මෙවර කරන ලද ගණනය කිරීම් වසර තුනකට පසු වාර්තා වූ නරකම තත්ත්වය යැයි ඔවුහු පෙන්වාදෙති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව දිනකට ඉහළ යා හැකි සහ ආරක්ෂිත සංඛ්‍යාව වාතයේ ඝණ මීටරයකට මයික්‍රෝග්‍රෑම් 25කි.

ගුවන් යානා හරවා ඇති අතර ගුවන් බොහෝමයක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබේ. ස්වසන ආබාධවලින් පීඩා විඳින රෝගීහු දහස් ගණනකින් රෝහල් පිරී ගොස් ඇතැයි ද වාර්තා වේ. මීදුම් පටළයක් වැනි විස දුමාරය හේතුවෙන් අංශු වැනි යමක් ඊයේ වර්ෂාව මෙන් නවදිල්ලි නුවරට පතිත වී තිබෙන අතර මේවා පෙනහළුවලට හෝ රුධිර පද්ධතියට එක්වුවහොත් දීර්ඝකාලීනව මාරාන්තික බලපෑම් එල්ල කරනු ඇතැයි ද පැවසේ.

ඒ.එෆ්.පී

055

 



අදහස් (0)

ඉන්දියාවේ පිදුරු ගිනි තැබීම නවත්වන්නැයි නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site