IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දියාවේ නවදිල්ලි නුවර පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා

ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේදී පාකිස්තාන සෙබළුන් අතින් ඉන්දීය සෙබළුන් පස් දෙනකු ඝාතනය වීමේ සිද්ධියට විරෝධය පළ කරමින්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඊයේ (8) විරෝධතා රැලියක් පැවැත්විණි.

විරෝධතා රැලියට දහසකට ආසන්න පිරිසක් එක් වී සිටියහ. ඔවුන් උත්සහ කළේ මහ කොමසාරිස් කාර්යාලයට කඩා වැදීමටය. නවදිල්ලි පොලිසිය එල්ල කළ ජල ප‍්‍රහාර හමුවේ විරෝධතාකරුවෝ පසුබා ගියහ.

ඉන්දීය සෙබළුන් පස්දෙනා මිය ගියේ ඉකුත් 6 වැනිදාය. ඉන්දීය හමුදා සෙබළුන් චෝදනා කර ඇත්තේ පාකිස්තාන සෙබළුන් ඉන්දීය පාලන ප‍්‍රදේශයට ඇතුළු වී, ඉන්දීය සෙබළුන්ට වෙඩි තැබූ බවය. ප‍්‍රහාරයට ලක් වී මිය ගියේ මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය සෙබළුන් කණ්ඩායමකි.

පාකිස්තාන රජයත් එරට හමුදාවත් ඉන්දීය හමුදා සෙබළුන් එල්ල කරන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරයි. වෙඩි තැබීම සැලවූ සැණින් පාකිස්තාන රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම සෙබළුන් කිසිවකු ඉන්දීය සෙබළුන්ට වෙඩි ප‍්‍රහාරයක් එල්ල නොකළ බවය.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඉන්දීය හමුදාපති සහ පාකිස්තාන හමුදාපති අතර පෙරේදා (7) විශේෂ සාකච්ඡුාවක් ද පැවැත්විණි. ඉන්දීය රජයත් පාකිස්තාන රජයත් මේ වනවිට එම සිද්ධිය ගැන පරීක්ෂණ කඩිණමින් ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.



අදහස් (0)

ඉන්දියාවේ නවදිල්ලි නුවර පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා

උපාලි Saturday, 10 August 2013 05:53 AM

කලින් වතාවේ වගේ හමුදාපතිවරු දෙන්නට මේ ප්‍රශ්නය විසඳා ගන්න ලැබේවා. ලොකු මිනිස්සු ගහ ගන්නකොට විසිවෙන ගල් කැලි අපේ ඇඟට වැටෙන්න පුළුවන්. (නදී)

:       0       0

අමල් Friday, 09 August 2013 10:48 AM

මානව හිමි කම් ආරක්ෂා කරලා තියෙන්නේ ඔය ලස්සනට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site