IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියාවේ ඩීසල් පරිභෝජනය පහත වැටේ

නවදිල්ලිහිදීය (රොයිටර්)

මාස දහයකට පසු පළමු වරට ඉන්දියාවේ ඩීසල් පරිභෝජනය පහත වැටී ඇතැයි එරට රජයේ දත්ත සඳහන් කරයි.

එම දත්තවලට අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඩීසල් පරිභෝජනය හා සංසදනය කිරීමේදී මේ වසරේ සැප්තැම්බර් මාසයේ ඩීසල් පරිභෝජනය ද පහත වැටී ඇත.

කෙසේ නමුත් ගෙවී ගිය මාස හතරක කාලයේදී පෙට්‍රල් අලෙවිය වර්ධනය වී ඇත. එහෙත් එය වැඩි වී ඇත්තේ ද අඩු අගයකිනි. පෙට්‍රල් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් තිබුණ ද ඉහළ මිල ගණන් නිසා ඉල්ලුම අඩු වූ බව එම දත්ත පෙන්වාදෙයි.

ඉන්දියාව තුළ එලෙස පෙට්‍රල් සහ ඩීසල් අලෙවිය අඩු වීම නිසා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සමස්ත ඉන්ධන ඉල්ලුම සියයට 1.1කින් අඩු වී ඇත. එසේ වුවත් ද්‍රවීකාරක ඛනිජ ගෑස් සහ ජෙට් යානා සඳහා යොදාගන්නා ඉන්ධනවල අලෙවිය ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ ඉන්ධන පරිභෝජනය එක අතකින් බලන විට ලෝකයේ තෙල් ඉල්ලුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වන අතර ඉන්දියාව ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් ද වේ.

පසුගිය මාසයේ ඉන්දියාවේ ඉන්ධන පරිභෝජනය ටොන් මිලියන 16.54ක් වූ අතර එය අගෝස්තු මාසය හා සැලකීමේදී සියයට 1.3ක පහත වැටීමක් යැයි එරට ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ඛනිජ තෙල් සැලැසුම් සහ විශ්ලේෂණ අංශයේ දත්ත පෙන්වාදෙයි.

ඉන්දියාවේ ඉන්ධන පරිභෝජනය අඩුවීම නිසා එරට කාර්මික අංශයේ නිෂ්පාදනය ද අඩු වී ඇත.

055

 



අදහස් (0)

ඉන්දියාවේ ඩීසල් පරිභෝජනය පහත වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site