ඉන්දියාවේ ඇසිඩ් විකිණීම නිසි පාලනයකින් විධිමත්ව සිදු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාෂ්ඨාධිකරණය බලධාරීන්ට නියෝග පනවා ඇත.

චපල පෙම්වතුන්, සැමියන් සහ අනෙකුත් තරහා කාරයන්ගෙන් ඇසිඩ් පහරකෑම් වලට ලක්වන ඉන්දීය තරුණයන් හා කාන්තාවන්ගේ සංඛ්‍යාව වැඩි වීම නිසා මෙම තීන්දුව දීමට එරට ශේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

ඒ අනුව වයස අවුරුදු 18ට අඩු අයට ඇසිඩ් විකිණිම තහනම් කර ඇති අතර මේ සදහා අපරාධකරුවන් වූ අයට ඇප අනුමත නොකරන ලෙසද නියම කරන ලදි.

ඇසිඩ් විකිණිය හැක්කේ ඒ සදහා වලංගු හැදුනුම්පතක් ඇති ගණුදෙනුකරුවෙකුට පමණක් සෑම ගනුදෙනුකරුවකුම අවශ්‍යතාව පැහැදිලි කළ යුතු බවත් අනිවාර්යෙන්ම විකිණුම්කරු පොලිසියට වාර්තා කළ යුතු බවත් ස`දහන් කර තිබේ.

අවසන් තීන්දුව දෙන තෙක් දැනට මේ සදහා ගොදුරුවූ සෑම කෙනෙකුටම ඉන්දීය රුපියල් 600000 මුදලක් සහ ඔවුන්ගේ ප්‍රතිකාර සදහා යන සියළුම මුදල් ගෙවන ලෙසත් අධිකරණය අතුරු තීන්දුවක් මගින් නියෝග කර ඇත.

ඔවුන් ඇස්තමේන්තු කර ඇති පරිදි ඉන්දියාවේ වසරකට 1000කට වැඩි සංඛ්‍යාවක් ඇසිඩ් පහර කෑම් වලට භාජනය වෙයි. වාර්තාකරුවන් පවසන පරිදි බොහෝ විට ඇසිඩ් වලින් පහරකෑම් වලට භාජනය වන්නේ කාන්තාවන් වන අතර ඔවුන් දරුණු ලෙස අවලෂණ වී ඇති බව වාර්තා වේ.