
තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් දී, යුක්රේන රුසියානු අර්බුදයදී, දේශපාලනික වශයෙන් සහාය දක්වන්නැයි ඉල්ලීමක් කළ බව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
සෙලෙන්ස්කි මෙසේ පැවැසුවේ, සිය නිල ට්විටර් ගිණුම ඔස්සේය.
යුක්රේන ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අමතමින් දුරකතන පණිවුඩයක් ලබා දී ඇත්තේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ රජය සම්බන්ධයෙන් පළ කළ ට්විටර් ප්‍රකාශයෙන් අනතුරුවය.
රුසියාව යුක්රේනය අක්‍රමණය කිරීම හෙලා දකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ඡන්ද විමසුමක් පැවැත්විණි. එහිදී ඡන්දය ලබා දීමෙන් වැළැකී සිටි රාජ්‍යයව් අතරින් එකක් වන්නේ ඉන්දියාවය.
රුසියන් ජනාධිපති පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අමතමින්, ප්‍රශංසා කළේ ඉන්දියාව කිසිවකුගේ පැත්තක් නොගැනීම සම්බන්ධයෙනි. ඉන්දියා අග්‍රාමාත්‍ය මෝදි සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
අපේ ලෝකල් පුටින් මහත්තයා ගැන රුසියාවේ පුටින් මහත්තයා දන්නේවත් නැතිව ඇති. හොඳ වෙලාවට එහෙම වුනේ.. නැත්නම් ඉතින් එතුමාට කළ අපහාසයට මෙලහකටත් ලංකාවට මිසයිල් ප්‍රහාර ගහලා ගොඩාක් කල්. මොනවා වුණත් සිංහයින් සමග රණ්ඩු කළාට, එතුමා බලු කුක්කන්ට ආදරෙයි වගෙයි. සමහරවිට කීකරුම බලු කුක්කන් සිටින්නේ ලංකාවේ බව පුටින් මහත්තයා තවම දන්නේ නැතිව ඇති. නැත්නම් ඉතින් ඉන්දියාවට කලිනුයි ලංකාවට කෝල් කරන්නේ...