IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ඉන්දුනීසියාවේ සිරකඳවුරක කැරැල්ලක්

ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි සිර කඳවුරක පෙරේදා(21) හටගත්  කැරැල්ලක් මැඬපැවැත්වීමට එරට පොලිසිය සමත් විය. කැරැල්ල මැඬපැවැත්වීමට උත්සාහ ගත් අවස්ථාවේදී පොලිසිය සහ රැඳවියන් අතර ඇති වූ ගැටුම්වලින් රැඳවියෝ දෙදෙනෙක් වෙඩි වැදීමෙන් තුවාල ලැබූහ. සිර කඳවුරේ විදේශික සිරකරුවන් 60ක් පමණ සිටින බවත් ඔවුනට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය. රැඳවියන් පිරිසක් සිරකඳවුරේ පිහිටි ආරක්ෂක මුරපොළ අසල සේවයේ නිරත වූ ආරක්ෂක නිලධාරීන්ට පහරදීමත් සමඟ සිරකඳවුරේ නොසන්සුන්කාරී තත්ත්වය උද්ගත විය. අනතුරුව සිරකඳවුරේ පිහිටි කාර්යාලවලට කඩා වැදුණු රැඳවියන් ඒවා ගිනි තැබූ අතර ඒවායේ තිබූ අවි ඔවුන් සතු කර ගත් බව ඉන්දුනීසියා ආරක්ෂක අංශ පවසයි. සිර කඳවුරේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් භටයන් සියදෙනකු පමණ යෙදවීමෙන් අනතුරුව සිර කඳවුරේ පාලනය තමන් යටතට ගැනීමට සමත් වූ බව පොලිස් ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය. සිර කඳවුරේ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසු



අදහස් (0)

ඉන්දුනීසියාවේ සිරකඳවුරක කැරැල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 471 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site