ඉන්දුනිසියාවේ අද (28) ඇතිවූ ප්‍රබල භූ කම්පනයකින් පස් දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
රිච්ටර් මාපාංක 7.5ක් වූ මෙම කම්පනයෙන් පාලු සහ සුලවේසි දූපත් වලට සුනාමි තත්ත්වයක් ඇතිවූ බවද මුහුදු රළ මීටර් 2ක් පමණ උසට නැගුනු බවද බලධාරීහු පවසති.
සුලවාසි දූපත මධ්‍යයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් කම්පන කේන්ද්‍රය පිහිටි බව ඇමරිකිනු භූ විද්‍යා සමීක්ෂණාගාරය සඳහන් කර ඇත.සුලවාසි හා පාලු දූපත් වලට දැඩි හානි සිදුව ඇති අතර ගොඩනැගිලි කඩා වැටීම් වාර්තා වී ඇත.
පසුගිය මාසයේ ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපට බල පැවැත්වුණු ප්‍රභල භූ කම්පනයකින් පන්සියයක පමණ පිරිසක් මියගියහ.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd