ඉන්දුනීසියාවේ බාලි දූපත් හි භූකම්පනයක් සිදුව ඇති බවත් එය රිච්ටර් මාපාංක 6.2ක අගයකින් යුතු බවත් විදෙස් පුවත් සේවා පවසයි.

එරට වේලාවෙන් පෙරවරු 6.30ට පමණ කම්පනය ඇතිවී ඇති අතර නැගෙනහිර ඉන්දුනීසියාවේ ටොලටන්ගා ගම්මානයට කිලෝමීටර් 33ක් පමණ දකුණින් භූ කම්පනය හටගෙන ඇතැයි කියති.

සුනාමි අනතුරු සංඥා නිකුත් නොකළ බව එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.