ඉතාලියේ සියලු අංශවල වෘත්තිකයන් සේවා ස්ථාන වෙත වාර්තා කිරීමේ දී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂිත බවට වන ග්‍රීන් කාඩ්පතක් ඉදිරිපත් කිරීම ලබන ඔක්තෝබර් 15 වැනිදා සිට අනිවාර්ය කිරීමට ඉතාලි රජය පියවර ගන ඇත.
ඒ අනුව කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත සහ වෛරසය ආසාදනය වී නොමැති බවට වන සහතිකයක් හෝ ආසාදිතව සිට සුවය ලැබූ බවට වන ලියවිල්ලක් රාජකාරියට වාර්තා කිරීමේ දීම අනිවාර්යය වේ.
සියලුම සේවකයින් සඳහා එම නියෝගය ලබන ඔක්තෝබර් මස 15 වනදා සිට ක්‍රියාවට නැංවීමට නියමිත වේ
වලංගු සෞඛ්‍ය බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ඕනෑම වෘත්තිකයෙකුගේ සේවය ගෙවීමකින් තොරව අත්හිටුවීමක් සිදුකරන නමුත්, එම නියෝගයේ කෙටුම්පතට අනුව සේවයෙන් පහකිරීමක් සිදු නොවන බව වාර්තා වේ.
එම නියෝගය නොසලකා හැර රැකියාවට යන පුද්ගලයින්ට යුරෝ 600 සිට 1500 දක්වා දඩයකට මුහුණ දීමටද සිදුවේ. එවැනි නියෝගයක් ප්‍රකාශයට පත්කළ පළමු යුරෝපා රට බවට ඉතාලිය පත්වන අතර එමගින් එන්නත්කරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
ගාඩියන් ඇසුරෙනි
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉතාලියේ එන්නත් කාඩ්පත අනිවාර්යයි