ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇමෙරිකාවට පැමිණ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සූදානමින් සිටින බව ධවල මන්දිරය පවසයි.
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, ඇෆ්ගන් ජනාධිපතිවරයා ඇමෙරිකාවට පැමිණෙනු ඇත්තේ ලබන ජූනි 25 වැනිදාය. ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අතර හමුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.
ඇමෙරිකාව, තලේබාන් පාලනය පෙරළා දමා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ මීට වසර 20 කට පෙරය. ඒ, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ප්‍රහාරයෙන් පසු, අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ආරක්ෂාව ලැබ ඇෆ්ගනිස්තානයේ සැඟවීමය.
මෙම වසරේ සැප්තැම්බර් 11 වැනිදාට පෙර, ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින සියලු ඇමෙරිකන් සොල්දාදුවන් සහ නේටෝ හමුදා සොල්දාදුවන් ඉවත් කර ගැනීමට නියමිතය. ඒ, ඇෆ්ගන් රජය, තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව ඇතිකරගත් සාම ගිවිසුමකට අනුවය.
එම සාම ගිවිසුමේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීම ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අරමුණ බව ධවල මන්දිරය පවසා ඇත.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.