ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ආසන්නයේ පුපුරා ගිය බෝම්බයකින් හත්දෙනකු මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බෝම්බය මෝටර් රථයක අටවා තිබූ බව බලධාරීහු පවසති.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු මහාචාර්යවරුන් දෙදෙනකු වෙනුවට තලේබාන් අණදෙන නිලධාරීන් දෙදෙනකු සහ හකානි සටන් කණ්ඩායමේ නායකයෙකු නිදහස් කිරීමෙන් දිනකට පසුව මෙම පිපිරීම සිදුවිය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd