ඇසිඩ් ප‍්‍රහාරයනට හසුවී මුහුණ විරූපීව ගියත් තම පෙනුම ගැන ලැජ්ජාවට පත් නොවී ඇඳුම් නිර්මාණ ශිල්පිනියන් ලෙස සමාජය ඉදිරියට පැමිණි සිටිනා තරුණියෝ පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වේ.
රූපා,රීටා,සෝනම්,ලක්ෂ්මි හා චන්චල් යන මේ පස්දෙනා විවිධ හේතුනිසා ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්ව ඇත්තෝය.
ඇසිඞ් වැදී විරූපිව තම පෙනුම නොසළකා ඔවුහු තමන් නිර්මානය කළ ඇඳුම්ද හැඳ ඡායාරූප ගැනීමේ සැසියකටත් පසුගියදා පෙනී සිටියෝය.
නායිකාව ලෙස සැළැකෙන රූපා අතින් මෙම ඇගලූම් නිමවී ඇත.
තවමත් 22 හැවිරිදි වියේ පසුවන රූපා තම කුඩම්මාගේ ඊර්ශ්‍යාවට ලක්ව ඇය එල්ල කළ ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්ව ඇත්තියකි.තම පියා කුඩම්මාගේ පැත්ත ගෙන ඇති නිසා ඇය තම වාසගමද නමෙන් කපා හැර තිබේ.
මුලින් රූමත්වූ තමා දැන් විරූපීව සිටිනු දැකීම මහත් මානසික වදයක්වූ බව ඇය කියන්නීය.නමුත් තමන්සේම ඇසිඞ් ප‍්‍රහාරයන්ට හසුව අසරණවූ තරුණියන් ගැන තොරතුරු ඇසෙන,දකින විට තමන් මෙලොව තනිව නැතැයි සිතුණු බවත් කෙසේහෝ මෙයින් ගොඩ එන්නෙමැයි සිතා ගත් බවත් ඇය පවසන්නීය.
කුඩා කළ සිටම ඇයගේ සිහිනයක් වූ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක බවට පත්වීම ඇය අද දිනයේ යථාර්ථයක් බවට පත්කරගෙන ඇත්තීය.ඇයගේ ඇඳුම් නිරූපණය කරනා නිරූපණ ශිල්පිනියන් ඇද මෙන්ම ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්වූ තරුණියෝය.
ඇයගේ උත්සාහය ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්වූ තරුණියන් හට සමාජය ඉදිරියට පැමිණීමට දිරිය ලබාදීමයි.
ඇය හා ඇයගේ මිතුරියන් පිරිස එක්වී එවන් තරුණියන් වෙනුවෙන් සත්කාරක වැඩසටහන්ද කි‍්‍රයාත්මක කරයි.
‘‘චැනන්‘‘ නම් වන සත්කාරක මධ්‍යස්ථානයක්ද පිහිටුවීමට ඔවුන් සමත්ව තිබෙන අතර එහිදී ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්ව මානසිකව දුබල වී සිටින තරුණීයන් හට අවැසි සහනය ලබාදේ.චැනන්හි දැනට සැළකිය යුතු තරමේ තරුණියන් පිරිසක් සිටින බවද සදහන්ය.
බොහෝ කාන්තාවන් මුහුණේ වන එක් පැල්ලමක් මකා ගැනීමට නොහැකිව හඩා වැළපෙද්දී,නොයෙකුත් ආලේපන වර්ග තවරද්දී,මුහුණම විරූපීව ගොස් ඇතත් දුක් නොවී ඉදිරියට යෑමට උත්සාහ කරන රූපා ඇතුලූ ඇයගේ මිතුරියන් පිරිසගේ දිරිය නම් අගය කළ යුතුමය.

COMMENTS
මේ නංගිලා ගැන වේලාසනින් දැනගන්න ලැබූනා නම් අපේ රුපලාවන්‍ය දොස්තර මහතා මුනගස්වන්න තිබුනා.මේ දිනවල තරමක් අපහසුයි විවේකී සුවයෙන් ඉන්නන නිසා. (දී)
ලංකාවෙත් මෙම ඇසිඩ් ගැසිම සිදුවනවා. කී ඇසිඩ් ප්‍රහාර වලට ලක්වෙනවාද ලංකාවේ? ගිනි අවි ගන්නට මුදල් නොමැති අයට අඩුවට වෙළඳ පොළෙන් ගතහැකි එකම දෙය ඇසිඩ් (නි)
ඒ කුඩම්මටනම් යන්න වෙනම අපායක් හදන්න වෙනවා. ඒ අතින් බැලුවම ලංකාවේ එහෙම දේවල් අහන්න ලැබෙන්නේ නැනේ. කොච්චර හොදද (දී)
හොඳට තියන මුහුණේ පැල්ලමක් රැල්ලක් යවා ගන්න ඉන්ජෙක්සන් ගහගෙන ජීවිතෙත් නැතිකර ගන්නා මැදිවියේ කාන්තාවන්ට මේ තරුණියන්ගේ එඩිතරකම සහ ආත්ම ශක්තිය පාඩමක් විය යුතුය. (දී)
තිරිසන්නු තමයි මනුස්සයන්ට ඇසිඩ් ගහන්නේ (දී)
මොනා උනත් සුරූපී කතුන් පිරිසක්.අඩුම තරමේ මේ අය වාසනාවන්තයි මෙලොව එලිය දකින්න ලැබීමත් ඔය අනතුරින්.(දිල්)
මේගොල්ලන්ට ඇත්තටම ඇසිඩ් ගහපු හේතුව මෙතන කියන්න ගියොත් මාව අන්තවාදී ගොඩට වැටෙනවා (නදී)
ගාමිණී, සතෙක් වගේ කතා කරන්න එපා (නදී)
දිරිය සොයුරියන්ට සුබ පතමි. ඔබට සුබ ගමන්! (නි)
ගාමිණී සිරිවර්දන, අපි කවුරුත් විහිළුවක් අහලා හිනාවෙන්න ආසයි. නමුත් ඒකට තැනක්, වෙලාවක් තිබෙනවා. (නි)
නුවන්, කරදරයක් වූ ඒ අහිංසකයන්ට ගරහන්න එපා (නි)
ගාමිණී ගුනවර්ධනගේ කුහක සිතුවිල පහවේවා! නංගිලට සුභ පතමි ! (නදී)
කව්රු කව්රුත් වලිගය පාගා ගත්තාට මට කරන්න දෙයක් නැහැ. අපේ දොස්තර ගැන සඳහන් කිරීමක් අවශ්‍ය උනා මිසක්, නංගිලා පහත් කොට සැලකීමක් නොකළ බව කරුණාවෙන් සලකන්න. (නදී)
මිනිසෙකුට තවත් මිනිසෙකුට කරන්න පුළුවන් බිහිසුණු නින්දිතම සහ තිරිසන්ම අපරාදය තමයි මේ ඇසිඩ් ප්‍රහාරය. මේ වගේ ප්‍රහාරයක් එල්ල කල තැනැත්තාට අනිවාර්යයෙන් මේ වගේම ප්‍රහාරයක් එල්ල කරලා විදවල මැරෙන්න අරින්න ඕනා. නීති නැත්නම් නීති හදල හරි.එ හෙම නැත්නම් කැලේ නීතියෙන් හරි. (නදී)
දිරියමත් සොයුරියනි, බාධක බිදගෙන දිවිමගේ සියල්ල ජය ගෙන ඉදිරියටම පිය ඔසවන්න ඔබට ශක්තිය ලැබේවා (නදී)
ගාමිණී දැමූ අදහස වැරදියට දැකපු අය තමා කුහක. ඒ නංගිලාගේ දිරිය සහ අධිෂ්ඨානය සඵල වී ශල්‍යකර්ම මඟින් විරූපී බව නැතිකර ගැනීමට හැකි අවස්ථාවක් ඉක්මනින් උදාවේවා! ජයවේවා! (නි)
ඔබට ජය , අරමුණු ඉෂ්ටවේවා. (නදී)
ලකී ඕව කියන්න යන්න එපා අන්න මචන් අලුත් අදහසක් කියල මිනිස්සු ඇසිඩ් ගහන්න පටන් ගනීවි (අ)
මෙන්න නියම කාන්තා ලෝකය බබලවන දිරිමත් දියණියෝ! නුඹලාගේ ඉදිරිගමන සාර්ථක වේවායි පතමි (නදී)
මේ අයගේ ලබන ආත්මය සුන්දර එකක් වේවා! මගේ එකම පැතුම එයයි. (නි)
මේ තරුණියන්ගේ අාත්ම අභිමානය ඉහළයි. (නදී)
සෙනරත් ලංකාවෙත් මේ වගේ අය ඉන්නවා ලඟදි ගාල්ල බස් එකක් ඇතුලේ ඇසිඩ් ගැහුවේ බැංකුවේ වැඩ කරණ කෙල්ලෙක්ට . ලංකාවෙත් මේ වගේ එයාල ඉදිරියට ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ . තෙරුවන් සරනයි ,අදමිටු කුහක සිතුවිලි ලොවෙන් තුරන් වේවා . (දී)
නුවන් ඇසිඩ් ගහපු හේතුව කියන්න බලන්න. ඔයා අන්තවාදියෙක් වෙලා ඉවරයිනේ දැන්. (නදී)
මමත් නෙහාරගේ පැත්තට තමයි (නි)
පව් අනේ! මේ වගේ දරුණු වැඩ කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? හිතක් පපුවක් නැති අය වෙන්න ඇති (නි)
දිරිය ශක්තිය, ජීවිතය ජයගනියි. ජයවේවා! (නි)
අයියෝ පව් අනේ (දී)