ත්රස්තවාදීන්ගේ පාලනයේ තිබු සිරියාවේ ඇලෙප්පෝ නගරය සම්පුර්ණයෙන් රජයෙ හමුදා අත්පත් කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිවිල් ජනතාව හා ත්‍රස්ත කණ්ඩායම් නගරයෙන් පිට කිරිමෙන් අනතුරුව එම ප්‍රදේශ අත්පත් කරගෙන ඇත.
ඇලෙප්පෝවෙන් පිටවීමට කැමති සියලුම වැසියන් මෙන්ම තුවාල ලැබූ කැරළිකරුවන් ද නගරයෙන් පිට කර ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසයි.සතියක් තුළ නගරයෙන් 34000ක් පමණ වැසියන් ඉවත් කළ බව එක්සත් ජාතීන්ගේ සංගමය කියයි.
අධික හිම සහිත කාලගුණය, දැඩි සුළං තත්ත්වය හා දුර්වල ගමනා ගමන තත්ත්වය නිසා ජනතාව ඉවත් කිරීම ප්‍රමාද වු බව ද කියති.
රුසියාවේ සහයෙන් දියත් කළ මෙහෙයුම් සාර්ථක විම එරට ජනාධිපති බෂාර් අල්-අසාද් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව බලධාරිහු කියති.මෙම ජයග්‍රහණය එරට වැසියන් සමරන ආකාරය දක්නට ලැබේ
(ඡායාරූප-බීබීසි)

COMMENTS
අපිටත් ඔවැනි යුගයක් කලින් තිබුණා (ම)
ළමා ලපටීන් සහ නිරායුධ කාන්තාවන් සිය දහස් ගණනින් ඉතාමත් කුරිරු ලෙස දුෂණය කරලා මරාදාපු එකද මේ සමරන්නේ..? (හේ)