ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදාව විසින් කුලියට ගත් ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉරානයේ දී බලෙන් ගොඩබස්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස ගොඩබස්වා ඇත්තේ බොයිං 737 වර්ගයේ යානයකි.
ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් ගුවන් කඳවුරේ සිට ඩුබායි වෙත පියාසර කරමින් තිබිය දී යානය මේ ඇබැද්දියට මුහුණ පා ඇත. මේ යානයේ ගුවන් පථය වැටී තිබුණේ ඉරාන ගුවන් සීමාව මතිනි. යානය ගමන් කරමින් සිටිය දී ඉරාන බලධාරීන් මේ යානයට ඉරාන ගුවන් සීමාවට ඉහළින් ගමන් කිරීමට නිසි අවසර පත්‍රයක් නැතැයි පවසමින් ආපසු හරවන ලෙස නියෝග කැර තිබේ. රේඩියෝ සංඥා මගින් යානයේ කාර්ය මණ්ඩලයට මේ බව පවසන විට ගුවන් නියමුවා කියා ඇත්තේ යළි අපසු හරවා බග්‍රම් වෙත යාමට ඉන්ධන ප්‍රමාණවත් නැති බවයි.
එසේ නම් යානය ඉරානයට ගොඩබස්වන ලෙස නියෝග කැර ඇත. යානය ගොඩබස්වන්නේ නැතිනම් ඉරාන ප්‍රහාරක යානා යොදාගෙන බලෙන් ගොඩබස්වන බව ද යානයට දැනුම් දී තිබේ. මේ අනුව යානය ඉරානයේ බන්ඩර් අබ්බාස් ගුවන් තොටුපොළට ගොඩබස්සවන ලදී.
යානය ගොබස්වන අවස්ථාවේ එහි මගීන් 140ක් සිටි අතර ඉන් 100ක් ඇමෙරිකානුවෝය. ඉරානය පවසන්නේ පෙන්ටගනය විසින් යානයට ලබාගෙන ඇති අවසර පත්‍රය නිවැරදි නොවන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා රණ්ඩු වෙන්න. අපි බලා ඉන්නවා මොකද වෙන්නේ කියලා (නි)
ඉරානය මොනවා කරගන්නද මන්දා දඟලන්නේ? (නි)
ඉරානයත් ඉල්ලන් කනවා වගෙයි (නදී)
තවත් ඉල්ලන් කෑමක් වගේ (නදී)
ලක්ෂණ ඔබගේ මොලය පරික්ෂා කරවා ගන්න. ජාත්‍යන්තර නීති උල්ලංගනය කිරීමක් අනුන්ගේ දේශ සීමාවට බලෙන් හෝ හොරෙන් ඇතුල් වීම , එනිසා එම යානය ඉරාන ඉල්ලුමට හිස නැමුවා. මේක යුද්ධයක් නෙමේ (නදී)
ඉරානය ඉල්ලගෙන කන්න හදන්නේ මේ වගේ රටවල් වලින් තමයි. (නි)
කවුරු උනත් දේස සිමා උල්ලංගනය කරනවානම් වැරදියි.(දී)