IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇමෙරිකා යානය ඉරානයේ දී බලෙන් බස්සවයි

ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදාව විසින් කුලියට ගත් ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉරානයේ දී බලෙන් ගොඩබස්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස ගොඩබස්වා ඇත්තේ බොයිං 737 වර්ගයේ යානයකි.

ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් ගුවන් කඳවුරේ සිට ඩුබායි වෙත පියාසර කරමින් තිබිය දී යානය මේ ඇබැද්දියට මුහුණ පා ඇත. මේ යානයේ ගුවන් පථය වැටී තිබුණේ ඉරාන ගුවන් සීමාව මතිනි. යානය ගමන් කරමින් සිටිය දී ඉරාන බලධාරීන් මේ යානයට ඉරාන ගුවන් සීමාවට ඉහළින් ගමන් කිරීමට නිසි අවසර පත්‍රයක් නැතැයි පවසමින් ආපසු හරවන ලෙස නියෝග කැර තිබේ. රේඩියෝ සංඥා මගින් යානයේ කාර්ය මණ්ඩලයට මේ බව පවසන විට ගුවන් නියමුවා කියා ඇත්තේ යළි අපසු හරවා බග්‍රම් වෙත යාමට ඉන්ධන ප්‍රමාණවත් නැති බවයි.

එසේ නම් යානය ඉරානයට ගොඩබස්වන ලෙස නියෝග කැර ඇත. යානය ගොඩබස්වන්නේ නැතිනම් ඉරාන ප්‍රහාරක යානා යොදාගෙන බලෙන් ගොඩබස්වන බව ද යානයට දැනුම් දී තිබේ. මේ අනුව යානය ඉරානයේ බන්ඩර් අබ්බාස් ගුවන් තොටුපොළට ගොඩබස්සවන ලදී.

යානය ගොබස්වන අවස්ථාවේ එහි මගීන් 140ක් සිටි අතර ඉන් 100ක් ඇමෙරිකානුවෝය. ඉරානය පවසන්නේ පෙන්ටගනය විසින් යානයට ලබාගෙන ඇති අවසර පත්‍රය නිවැරදි නොවන බවයි.

article-2745589-2119613A00000578-75_634x434

 

 



අදහස් (0)

ඇමෙරිකා යානය ඉරානයේ දී බලෙන් බස්සවයි

ශිෆාන් Tuesday, 09 September 2014 11:51 AM

හා හා රණ්ඩු වෙන්න. අපි බලා ඉන්නවා මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුගුණවතී Saturday, 06 September 2014 07:34 PM

ඉරානය මොනවා කරගන්නද මන්දා දඟලන්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 06 September 2014 11:54 PM

ඉරානයත් ඉල්ලන් කනවා වගෙයි (නදී)

:       0       0

තිලාන් Tuesday, 07 October 2014 07:56 AM

තවත් ඉල්ලන් කෑමක් වගේ (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Monday, 08 September 2014 12:01 PM

ලක්ෂණ ඔබගේ මොලය පරික්ෂා කරවා ගන්න. ජාත්‍යන්තර නීති උල්ලංගනය කිරීමක් අනුන්ගේ දේශ සීමාවට බලෙන් හෝ හොරෙන් ඇතුල් වීම , එනිසා එම යානය ඉරාන ඉල්ලුමට හිස නැමුවා. මේක යුද්ධයක් නෙමේ (නදී)

:       0       0

ලක්ෂණ Monday, 08 September 2014 03:10 AM

ඉරානය ඉල්ලගෙන කන්න හදන්නේ මේ වගේ රටවල් වලින් තමයි. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 07 September 2014 07:48 AM

කවුරු උනත් දේස සිමා උල්ලංගනය කරනවානම් වැරදියි.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site