ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා සමඟ සාකච්ඡුා කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින නමුත් එසේ සාකච්ඡුා කිරීම කොතරම් දුරට ඵලදායී වේවිද යන්න සැක සහිත යැයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසයි.
උත්තරීතර නායක කොමේනි මේ බව කියා සිටියේ රාමදාන් උත්සවය අවසන් කිරීමෙන් පසු, ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.
ඉරානය ඇමෙරිකාවත් සෙසු බටහිර රටවලූත් සමඟ අර්බුදයක් ඇතිකර ගෙන සිටින්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුකොට ගනිමිනි.
ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉරානය එම න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, පරමාණු බෝම්බ නිපදවන බවය. මේ හේතුව නිසා ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බධක පැනැවීමට ද ඇමෙරිකාව කටයුතු කර ඇත.
ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවේ, ජනපතිවරයාට ඉහළින් සිටින්නේත් විදෙස් ප‍්‍රතිපත්ති සකස් කරන්නේත් උත්තරීතර නායකයාය. උත්තරීතර නායකයා යටතේ ඇති උත්තරීතර පාලක මණ්ඩලයට පාර්ලිමේන්තුව අභිබවා යෑමේ බලතල ඇත.
ඉකුත් ජූනි මාසයේ පැවැති ජනපතිවරණයෙන් ජයගත් රොහානී ද උත්තරීතර නායක අයතුල්ලා කොමේනී හිතවතෙකි.
වත්මන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් සේම රොහානීට ද ජනපති ධුරයට තරග කිරීමට කොමේනි සහ උත්තරීතර පාලක මණ්ඩලයේ අවසර ලැබී තිබුණි. රොහානී, ලබන අගෝස්තු 4 වැනිදා දිවුරුම් දීමට නියමිතව සිටී.
2025 දෙසැම්බර් මස 04
424
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමෙන් පලක් වේදැයි සැකයි