ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ සීක් දේවස්ථානයකට පෙරේදා (6) කඩා වැදුණු සුදු ජාතික තරුණයකු එල්ල කළ වෙඩි තැබීමකින් උදෑසන දේවමහෙයට සහභාගී වූ හය දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ විස්කොන්සින්හි මිලාවෝකී නගරයේ ඕක් ක‍්‍රීක්හි සීක් දේවස්ථානයටය. උදෑසන 10.30 ට දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී තුවක්කුකරු දේවස්ථානයට ඇතුළු වී ඇත්තේ පිටුපස දොරටුවෙනි. සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමටත් පෙර තුවක්කුකරු රැස්ව සිටි පිරිසට වෙඩි තබන්න පටන් ගත්තේය. වෙඩි ප‍්‍රහාරය එල්ල වෙද්දී ඒ බව හදිසි ඇමැතුම් ඔස්සේ ඕක් කී‍්‍රක් පොලිස් ස්ථානයට වාර්තා වූ අතර දේවස්ථානයට නුදුරින් සිටි පොලිස් නිලධාරීහු දෙදෙනෙක් පළමුවෙන්ම දේවස්ථානයට පැමිණියහ. වෙඩි වැදී බිම වැටී සිටි තුවාලකරුවන්ට උදවු කිරීමට එම නිලධාරීන් දෙදෙනා උත්සහ ගත් අවස්ථාවේදී තුවක්කුකරු එක් පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඇත. එම අවස්ථාවේදී අනෙක් පොලිස් නිලධාරියා වහා කි‍්‍රයාත්මක වී තුවක්කුකරුට වෙඩි තැබූ අතර තුවක්කුකරු එම ස්ථානයේදීම මියගියේය. වෙඩි වැදුණු පොලිස් නිලධාරියා වසර 20 ක සේවා පළපුරුද්දක් ඇති අයකු බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවෝත් තුවාල ලැබුවෝත් ඇමෙරිකාවේ විස්කොන්සින්හි ජීවත් වන සීක්වරුය. වෙඩි ප‍්‍රහාරය ගැන මේ වනවිටත් පුළුල් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි. වෙඩික්කරු කවුරුදැයි හඳුනා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසන නමුත් ඔහුගේ විස්තර මාධ්‍ය වෙත හෙළි කර නැත. ඇමෙරිකාවේ ජීවත් වන සීක්වරුන් මුස්ලිම් ජාතිකයන් යැයි ඇතැම් ඇමෙරිකානුවන් අතර වැරදි වැටහීමක් ඇත. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකානුවන් තවමත් එරට ජීවත් වන මුස්ලිම් වැසියන් දෙස බලන්නේ වපර ඇසකිනි.
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ඇල්බර්ටෝ ෆුජිමෝරි අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් බව පැවැසෙයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා, සිය අග්නිදිග ආසියානු සංචාරයේ අවසානය සනිටුහන් කරමින්, සිංගප්පූරුව බලා පැමිණියේය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබ
රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් වී, සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම, ඉන්දීය ආරක්ෂක උපදේ
ඇලෙස්කාවේ, ‘කානිවල් ස්පිරිට්’ සුඛෝපබෝගී නෞකාව, ඇලෙස්කාවට ඔබ්බෙන්, මුහුදේ යාත්‍රා කරමින් තිබියදී, අයිස් කුට්ටියක හැපී ඇත. විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්ත
රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයේ ඉලක්කවලට පහර දීමට ඉරානය රුසියාවට කෙටි දුර බැලැස්ටික මිසයිල ලබා දී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින්, පාකි්සතානයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකන් රජය එරට වැසිය්නගෙන් ඉල්ලීමක් කර තිබේ.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ඇමෙරිකාවේ සීක් දෙවොලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට