ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් 2000ක පමණ පිරිසක් ඉවත්කිරිමට සිදුව ඇතැයි වාර්තා වේ.

සෙනෝමා ප්‍රදේශයේ අක්කර 10,000ක පමණ භූමි ප්‍රමාණයක් ගින්නට හසුව විනාශවී ඇත.

පසුගිය බදාදා සිට ආරම්භවූ ලැව් ගිනි මේවනවිටත් මැඩපැවැත්වීමට නොහැකි වී ඇති බවත් ප්‍රදේශය හරහා හමා යන සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරෙන බවත් බලධාරීහු පවසති.

හෙල්ස්ඩ්බර්ග් හා ග්‍රේස්විලී නගර වැසියන්ට ද ඉවත්වන ලෙස නියෝග කර ඇතැයි සඳහන් වේ.

පසුගිය වසරේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් 100දෙනකු පමණ මියගිය අතර විශාල අලාභහානි සිදුවිය.
 
 
(බීබීසී ඇසුරිනි - 085)