ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවලට බලපා ඇති මාරාන්තික සීත කාලගුණ තත්ත්වය නිසා මිලියන දස දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇතැම් ප්‍රාන්ත ඇන්ටාක්ටිකාවටත් වඩා සීතල යැයි ද එම පුවත් සේවා වාර්තා කර ඇත. මෙම මාරාන්තික සීත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගු-වන් ගොඩ බැස්සවීමට ද බාධා එල්ල වී තිබෙන අතර ඇතැම් ප්‍රාන්තවල පාසල් වසා දැමීමට සිදුව ඇත. කලකට පසු ඇමෙරිකානු කලාපයට බලපෑ දරුණුම සීත කාලගුණ තත්ත්වය මෙය යැයි පැවසෙන අතර ඒ හේතුවෙන් ප්‍රාන්ත රැසක දෛනික වැඩ කටයුතු රැසක් අඩපණ වී තිබේ.
මෙම අධික සීත කාලගුණ තත්ත්වය හේතුවෙන් ශරීර උෂ්ණත්වය අස්වාභාවික ලෙස අඩු වීමේ අවදානමක් ද හටගෙන තිබේ. එයින් පරෙස්සම් වන්නැයි බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා ඇත.
ඇමෙරිකා පුවත් සේවාවලට අනුව මෙම දරුණු සීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට අට දෙනකුට ජීවිත අහිමි වී තිබේ. එසේ වුවත් මියගිය ගණන 21ක් යැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 32ක් දක්වා අඩු වී ඇතැයි ද වාර්තා විය. මෙම දැඩි සීත කාලගුණ තත්ත්වය හේතුවෙන් නයගරා දිය ඇල්ල මිදීමට ලක්ව ඇත. දිය ඇල්ලෙන් කඩා හැලෙන ජල දහරාව මිදී අයිස් බවට පත්ව තිබෙන ඡායාරූප ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.
ඇමෙරිකාවට බලපා තිබෙන මෙම අහිතකර සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් චිකාගෝ නුවර ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක පමණක් ගුවන් ගමන් 1,800කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබේ. මේ තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට වී සිටින ලෙස බලධාරීන් මහජනතාවට උපදෙස් දී තිබේ. ඇමෙරිකාවට බලපා තිබෙන මෙම අහිතකර සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් චිකාගෝ නුවර ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක පමණක් ගුවන් ගමන් 1,800කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට වී සිටින ලෙස බලධාරීන් මහජනතාවට උපදෙස් දී තිබේ. ඉලිනොයිස්, මිචිගන් සහ විස්කොන්සින් යන ප්‍රාන්තවල පාසල්, විශ්ව විද්‍යාල සහ රජයේ ආයතන රැසක් වසා දැමීමටත් තැපැල් සේවා කටයුතු නවතා දැමීමටත් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබූ අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබිණි.
ඒ.එෆ්.පී./රොයිටර් සහ ඬේලිමේල් ඇසුරිනි
055



2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට දැඩි සීත කාලගුණයක්