සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩතේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඇමෙරිකාවේ නගර 50කට වැඩි ගණනකට පැතිර ගොස් ඇත.
අඛණ්ඩව පස්වැනි දිනටත් ඇමෙරිකානු වැසියෝ සෙනසුරාදා දිනයේදී වීදි බැසි විරෝධතාවල නිරත වූ අතර විරෝධතා උත්සන්න වී ඇත. විරෝධතාවලට එක්වුණු නගර 17ක 1,400කට වැඩි පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රහස්පතින්දා සිට 1,383කු අත්අඩංගුවට පත්ව ඇතැයි ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති සත්‍ය ගණන මීට වඩා ඉහළ යැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
පොලිසියේ කෲරත්වය සහ ප්‍රචණ්ඩත්වය විශේෂයෙන්ම කළු ජාතිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව ඇමෙරිකාවේ නගර රැසක මෙම විරෝධතා පැවැත්වෙයි.
නගර රැසකට මේ වනවිට ජාතික ආරක්ෂක බළකාය කැඳවා ඇත. පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උත්සන්න වී තිබෙන ගොඩනැගිලි, වාහන යනාදිය හානි සිදු වී ඇත. විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා නගර රැසක් ඇඳිරි නීතිය පැනවූව ද විරෝධතාකරුවන් පාලනය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කළු ජාතික තරුණයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිවුදෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මිනසෝටා ප්‍රාන්තයේ මිනැයිපොලිස්, පොලිසිය ප්‍රාන්ත වැසියන්ට මෙන්ම ඇමෙරිකානුවන්ට පොරොන්දුවක් ද දී ඇත. සුදු ජාතික පොලිස් නිලධාරියකු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ බෙල්ලට දණ හිස තබා ඔහු පාලනය කිරීමට අවස්ථාවේදී ෆ්ලොයිඩ් මරණයට පත්විය.
ජෝජ් ෆොයිඞ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු ජාතික පොලිස් නිලධාරී, ඩෙරික් චුවෑන්ට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය. අනෙක් නිලධාරීන්ට කිසිදු චෝදනාවක් එල්ල වී ඇතැයි ද වාර්තා විය.
හමුදා පොලිසිය සීරුවෙන් තබන්නැයි ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනයට උපදෙස් දී ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා මිනසෝටා ප්‍රාන්තයට හමුදා පොලිසිය යොදාවන බව ද හෙතෙම පවසා ඇත.
අල්ජසීරා/ද නිව්යෝක් ටයිම්ස්
ඡායාරූප - ‘ද නිව්යෝක් ටයිම්ස්’
055


2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමෙරිකාවේ නගර 17ක 1,400ක් පොලිස් අත්අඩංගුවට
theshan Sunday, 31 May 2020 08:59 AM
කෝ දැන් මහ ලොකු මානව හිමිකම් සංවිධාන?
JayaSunday, 31 May 2020 02:54 PM
ඒවා අපි වගේ පොඩි රටවල්වලට විතරයි මල්ලි...