
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමේ මධ්‍යයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කළේය.
ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ, න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා නැවත ආරම්භ කරන්නැයි උතුරු කොරියාවට ඇරැයුම් කරමිනි.
උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් කරන්නේ, න්‍යෂ්ටික අවිහරණයට යොමු වෙන්නැයි ඇමෙරිකාව උතුරු කොරියාවට දන්වා තිබියදීය. උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇත.
යුද අභ්‍යාසය දින පහක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර ඊට දෙරටේ යුද භටයෝ විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. යුද අභ්‍යාසයට අති නවීන ප්‍රහාරක ජෙට් යානා, බෝම්බ හෙළන ගුවන් යානා හා වෙනත් යුද ගුවන් යානා සියයක් ද යොදාගැනෙන බව වාර්තා වේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd