ඇමෙරිකාවට අයත් ගැඹුරු මුහුදේ තෙල් සහ ගෑස් කැණීම් ස්ථීරවම තහනම් කිරීමට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ආක්ටික් හා අත්ලන්තික් මුහුදේ ප්‍රදේශ තෙල් හා ගෑස් නිධි සඳහා බදු දීම ස්ථීරවම නවතා දැමීමට ඔහු තීරණය කර ඇත.
එරට සාගර කලාප ආරක්ෂා කිරීමේ අරමුණින් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමට පෙර මෙම තීරණය ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.ඇමෙරිකාව සමග කැනඩාවද මීට සමාන තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.
ඔබාමාගේ තීරණය ජනවාරියේ පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනස් කරනු ඇතැයි මත පළවෙයි.ජනාධිපතිවරණ වේදිකාවේදී ට්‍රම්ප් පැවසුයේ තමන් ඇමෙරිකාවේ තෙල් හා ගෑස් මූලාශ්‍ර වලින් තම රටට ආදායමක් ගෙන එන බවයි.
ඇමෙරිකා පෙට්‍රෝලියම් ආයතනය පවසනුයේ මෙවන් තහනමක් සදාකාලික නොවන බවයි.එමෙන්ම මෙම තීරණය නව ජනපති විසින් අවලංගු කරනු ඇතැයි ද කියයි.
පෙර ජනාධිපතිවරයෙකු ගත් මෙවන් තීරණයක් කිසිම ජනපති කෙනකු විසින් අත්හිටුවා නැති බවත් ට්‍රම්ප් එලෙස ඔබාමාගේ තීරණය අවලංගු කළහොත් ට්‍රම්ප්ට අධිකරණයේ පෙනී සිටීමට සිදුවනු ඇතැයි පරිසරවේදීයෝ කියති.
COMMENTS
යන යකා කොරහා බිඳගෙන ගියාට රුසියාව නම් එහෙම නවත්වන එකක් නැහැ. ඔවුන් ආක්ටික් කලාපයේ 2/3 ක හිමිකරුවන් වේ. (නි)
ඔබාමාගේ තීරණය ජනවාරියේ පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනස් කරනු ඇත. (නි)
ට්‍රම්ප් මැතිවරණ ව්‍යාපාරය පුරාම කිව්වේ ඔබාමා ගෙනා පරිසර ආරක්ෂක නීති අයින් කරලා එම නීති නිසා අහිමි වූ රැකියා යළි ගෙනෙන බවයි. ට්‍රම්ප් තවත් කියපු දෙයක් තමයි ගෝලීය උණුසුම ඉහළයාම චීනය විසින් ඇමරිකාවේ ආර්ථිකය අඩපණ කරන්න ගොතපු කතාවක් කියලයි. ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ප්‍රතිපත්ති මොනවාද කියලා නොදැන ලංකාවේ බහුතරයකට් ඕනෑ වුණේ ට්‍රම්ප් දිනනවා බලන්නනේ. ඔබාමා අත්සන් කරපු ලෝකේ මෙතෙක් අා වැදගත්ම ගිවිසුමක් වෙන පැරිස් ගිවිසුමෙනුත් ඇමෙරිකාව අයින් කරගන්නවා කියලා ට්‍රම්ප් කියලා තියෙනවා. (නි)
මොනවා වුණත් කොටි නැටුම් නම් ටිකක් අඩුවේවි. මේ දවස්වල ජර්මනියේ ඉන්න කොටි ටිකටත් තරමක් අසුභ කාලයක් ලබාගෙන එන්න හදන්නේ. මෙහෙ මිනිසුන්ටත් සරණාගතයෝ එපාවෙලා ඉන්නේ. යුරෝපය විසින් තහනම් කරපු කොටි සංවිධානය සහ අනෙකුත් ත්‍රස්ත්වාදී සංවිධාන වලට විරුද්ධව ජර්මන් පොලිසිය නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න හදන්නේ. දැන් මෙහෙ කොටි රැස්වීම් තබා කොටි කොඩියක්වත් ගෙදර තබාගැනීමට කොටි හිතවාදියෝ බයවෙලා (නි)
යන යකා කොරහත් බිඳගෙන යනවා කියන්නේ මේකට තමා. අනිත් මිනිහාට රට ගොඩනගන්න තිබෙන අවස්ථා අඩුකිරීම. (නි)
ඇත්තටම ඇමරිකාවේ ප්‍රතිපත්තිය ඕනෑම දෙයක් කරලා තමන්ගේ රටට ප්‍රමුඛස්ථානය දෙන එක තමා. මේ රටේ නායකයන් තමන්ගේ රටට ලැබෙන වාසි දේ මිසක් තමන්ගේ පවුලට ලැබෙන දේවත් අනිත් රටට ලැබෙන දේ ගැනවත් තැකීමක් නැහැ. අනිත් පාර්ශවයට පුළුවන් වෙන්න ඕනෑ ඔවුන් නියෝජනය කරන රටට හොඳ වෙන විදියට කේවල් කරගන්න! (නි)
ඒ රටවල එහෙම වුණත් මෙහෙ නම් එහෙම වෙන්නේ නැතිවෙයි (නි)
අකිල, ඔයත් ඇමෙරිකානු ප්‍රතිපතිය පිළිපදින්න. හිලරි අාවා නම් කොටි ටික උඩපනින හැටි බලන්න පුළුවන්. දැනට පෙනෙන විදියට ලංකාව වෙත කොටින්ගේ ගෙරවුම් ටිකක් නැවතිලා. (නි)
අනේ කුමාර්, ඔයා මොනවද ඇමරිකාව ගැන දන්නේ? ඔයා ඉන්න ගල්ෆ් දේශයේ රකින්න පරිසරයක් නැති වුණාට ඇමරිකාවට රකින්න සොබා දහමක් මේ රටේ තියනවා. මෙහෙට තෙල් නැතුව ආදායම් හොයාගන්න ක්‍රම සහ විධි තියනවා! (නි)
මෙවන් ආරංචි ගෙන එන ලංකාදීපයට ප්‍රණාමය! (නි)
ඔව් ලෝකෙම තෙල් ඉවරවෙනකල් බලන් ඉඳල වැඩේ පටන් ගන්න පුළුවන් නේ. එතකොට නිකන්ම බලය ලැබෙනවා. (බ)
මේක තමා ඇමෙරිකානු ප්‍රතිපත්තිය. අනික් එකාට හෙණ ගැහුනත් තමාගේ රට බේරිය යුතුයි. අනික් රටවල යුද්ධ ඇතිකරලා (උදා: ඉරාකය , ලිබියාව, යෙමනනය), ඒ රටවල් විනාශකරලා තෙල් ටික කොල්ලකාගෙන තමන්ගේ ප්‍රදේශය රැකගන්න එක. (බ)
තමන්ගේ පරිසරය බේරා ගෙන අනුන්ගේ රටවල් මංකොල්ල කන එක තමා ඇමරිකාවේ පුරුද්ද .(ම)
අනික් රටවල තෙල් කුණුකොල්ලයට ලබාගෙන ඒ රටවල තෙල් අවසාන වූ පසු මේ තෙල් එළියට ගන්න පටන්ගනීවි. දැනට තෙල් මිල අඩුවීම නිසා පිටරට දහස් ගණනකගේ රැකියාවල් නැතිවෙලා. පවතින්න උවමනා නම් තෙල් උපදවන රටවල් වහාම තෙල් මිල නැංවිය යුතුය. (නි)
ට්‍රම්ප් ලෝකෙම වනසලා ලොකු වෙනසක් කරන්නයි බලන් ඉන්නේ. (ම)
ට්‍රම්ප් ත්‍රස්තවාදය වනසලා ලොකු වෙනසක් කරන්න වගෙයි බලා ඉන්නේ (නි)