ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (9) මිලියන 15 සීමාව ඉක්මවා ගියේය.
ඇමෙරිකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ ආකාරයෙන් ඉහළ යනවිට බ්‍රිතාන්‍ය එරට ජනතාවට ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමාගම් ද්විත්වය නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත ලබාදීම ආරම්භ කර ඇත.
නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය සතියේදී පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වූ මරණ ගණන 15,000ක් යැයි ද ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.
ඇරිසෝනා, ඇලබාමා සහ ඔහායෝ යන ප්‍රාන්තවලින් වාර්තා ගත අයුරින් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වී තිබූ බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
තවමත් නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට වන ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ වනවිටත් වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
නව කොරෝනා වයිරස ව්‍යාප්තියේ කිසිදු අඩුවක් පෙනෙන්නට නැතැයි පවසන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු ඇඟවීමක් ද කර ඇත.
නත්තල් සමයේදී සහ වසර අවසාන උත්සව සමයේදී රටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වනු ඇතැයි ද ඇමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
“අපි යන්නේ බොහෝ අභියෝගාත්මක කාලයකට” යැයි ඇමෙරිකාවේ බෝවෙන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පැවැසීය. විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සමුළුවක් අමතමින් වෛද්‍ය ඇන්තනි ෆවුචි අඟහරුවාදා දිනයේදී ඒ බව පැවැසීය.
ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නතට ඉදිරියේදී අවසර ලැබෙනු ඇතැයි ද පැවසේ. එම සමාගම් ද්විත්වය සහ මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත්වලට ඉදිරි සති කිහිපය තුළදී අවසර ලැබෙනු ඇතැයි පැවසේ.
ෆයිසර්/බයෝඇන්ටෙක් ‘කොවිඩ්-19’ එන්නත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ බලධාරීන් හෙට රැස්වීමට නියමිත ය.
එන්නත්වලට අනුමැතිය හිමි වීමත් සමඟ රෝහල්වලට යම් සහනයක් හිමිවනු ඇතැයි ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල් ගත කරන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබේ.
නව කොරෝනා වයිරස ආසාදනය වීමෙන් සඳුදා,ඉකුත් (7) දිනයේදී පමණක් රෝහල් ගත කෙරුණු පිරිස 101,498ක් වන අතර එය පසුගිය සතිය හා සැලකීමේදී සියයට 16ක වර්ධනයකි.
ෆයිසර්/බයෝඇන්ටෙක් සහ මොඩර්නා කොවිඩ්-19 එන්නත්වලට හදිසි භාවිතය සඳහා වන අවසරය ලද විගස එම එන්නත් මුලින්ම ලබාදෙන්නේ සෞඛ්‍ය සේවකයන්ට බව ද පැවසේ.
ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට අනුව දෙසැම්බර් 8 වැනිදා පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 219,944ක් වන අතර එම පැය 24 දී වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 2,597කි.
පසුගිය සතියක කාලය සැලකිල්ලට ගැනීමේදී දෛනිකව වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන 207,024ක් වන අතර එය ඊට සති දෙකකට පෙර සාමාන්‍ය හා සැසඳීමේදී සියයට 18ක වර්ධනයක් යැයි ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.
රොයිටර් සහ ඇමෙරිකානු පුවත් සේවා ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවේ කොරෝනා අසාදිතයින් මිලියන 15 ඉක්මවයි