IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමෙරිකාව-ඇෆ්ගනිස්තානය තලේබාන් සමඟ සාම සාකච්ඡාවට

තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡාවලට එළැඹීමට ඇමෙරිකාව හා ඇෆ්ගනිස්තානය තීරණය කර ඇතැයි ඇමෙරිකා ධවල මන්දිරය ඊයේ (26) නිවේදනය කළේය.
තලේබාන් සටන්කාමීන් පෙරේදා (25) කාබුල් නුවර අධිආරක්‍ෂිත කලාපයේ පිහිටි ඇෆ්ගනිස්තාන ජනාධිපති මන්දිරයට කඩා වැදී ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා සහ ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායි අතර පැවැති වීඩියෝ දුරකතන සංවාදයකින් පසුව මෙම තීරණය ගත් බව ද වාර්තා වේ.
එම සටන්කාමීන් දිගින් දිගටම සිදුකරන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට කදිම පිළිතුර සාම සාකච්ඡා බවත්, එය එම ප‍්‍රචණ්ඩත්වය අවසන් කළ හැකි එකම අවස්ථාව බවත් ධවල මන්දිරය පවසයි.
මේ පිළිබඳව දෝහා නුවර පිහිටි තලේබාන් සංවිධාන කාර්යාලයට ද දැනුම්දීමට කටයුතු කරන බව ද සඳහන් වේ.
මීට පෙර ඇමෙරිකා රජය තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්විය යුතු බවට ප‍්‍රකාශ කරනු ලැබුවත් ඊට ඇෆ්ගන් රජය අකැමැත්ත පළ කර තිබිණි.
කාබුල් නුවර පිහිටි ඇෆ්ගන් ජනපති නිල නිවසට තලේබාන් සටන්්කාමීන් ප‍්‍රහාර එල්ල කරන විට ඇෆ්ගන් ජනපතිවරයා එහි සිට ඇති අතර ඉන් ඔහුට අනතුරක් නොවිණි.
එහෙත් අධි ආරක්‍ෂිත කලාපයක පිහිටි ඇෆ්ගන් ජනාධිපති මන්දිරයට මෙම ප‍්‍රහාරය එල්ලවීම ඇමෙරිකා, ඇෆ්ගන් ආරක්‍ෂිත අංශවල විමතියට හේතුවී තිබේ.



අදහස් (0)

ඇමෙරිකාව-ඇෆ්ගනිස්තානය තලේබාන් සමඟ සාම සාකච්ඡාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site