IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ 6 ක් මරුට

ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ තලේබාන් සටන්කාමීන් පිරිසක් ඉලක්ක කරගනිමින්, ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදාව ඊයේ (29) එල්ල කළ ඩ්‍රෝන ප‍්‍රහාරයකින් පාකිස්තාන සිවිල් වැසියෝ සය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිව් දෙනෙක් තුවාල ලැබූහ.

නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින්, ඇමෙරිකන් හමුදාව එම මිසයිල ප‍්‍රහාර එල්ල කළේ උතුරු වසිරිස්තානයේ මිරන්ෂා නුවර අසල පිහිටි ගම්මානයකටය. ඇමෙරිකන් හමුදාව එම ප‍්‍රහාරය එල්ල කළේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු ද පාදක කර ගනිමිනි. කෙසේ නමුත් ප‍්‍රහාරයෙන් තලේබාන් සටන්කාමීන් මිය නොගිය බවත් මියගියේ සහ තුවාල ලැබුවේ සිවිල් වැසියන් පමණක් බවත් පාකිස්තාන බලධාරීහු චෝදනා කරති.

ඇමෙරිකාව එම ප‍්‍රහාරය එල්ල කළේ, පාකිස්තානයේ මීළඟ අගමැති ලෙස දිව්රුම් දීමට නියමිතව සිටින මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක නවාස් ෂරීෆ්, ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කරන ප‍්‍රහාර වහා නවත්වන්නැයි ඇමෙරිකාවට බල කර සිටින අවස්ථාවකදීය.

ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, දේශසීමා හරහා පාකිස්තාන ගුවන් සීමාව උල්ලංගනය කරමින්, පාකිස්තානයේ ස්වෛරීත්වය  එරට ගෝති‍්‍රක ප‍්‍රදේශවලට එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර වහා නැවැත්විය යුතු යැයි නවාස් ෂරීෆ් පවසා ඇත.

ඊයේ සිදුවුණු එම ප‍්‍රහාරයෙන් පසු, පාකිස්තාන රජය ද ඇමෙරිකාවට ඒ ගැන දොස් පවරා ඇති බවද වාර්තා වේ.

ඇෆ්ගන් සංග‍්‍රාමයේ දී ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය ඉතා අවශ්‍ය වෙයි. ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන යෑම සිදුවන්නේ පාකිස්තානය හරහාය. ඒ වෙනුවෙන් සහ පාකිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමෙරිකාව වාර්ෂිකව මුදල් ලබා දීමක් ද සිදුකරයි.
2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රමය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඔබාමා සූදානම් වන අතර ඉන්පසු ඔහු වැඩි අවධානය යොමු කිරීමට සූදානමින් සිටින්නේ පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් මර්දනය කිරීමට යැයි ප‍්‍රකාශ කර තිබුණි.

ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ප‍්‍රදේශයේ ඇමෙරිකානු හමුදාව එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින් ද විරෝධයක් එල්ල වී ඇත. ඇමෙරිකානු මානව හිමිකම් සංවිධානය චෝදනා කරන්නේ ඇමෙරිකාව අමු අමුවේ මිනී මරන බවය.

ලන්ඩන් නුවර පාදක කරගනිමින් පිහිටුවා ඇති ‘ගවේෂණාත්මක මාධ්‍ය සන්සදය’ පවසා ඇත්තේ 2004 වසරේ සිට මේ දක්වා ඇමෙරිකාව එල්ල කළ එම ඩ්‍රෝන යානා ප‍්‍රහාර 360 කින් 3,500 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවය. එම පිරිස අතරින් බහුතරය පාකිස්තාන සිවිල් වැසියන් බව ද පැවැසෙයි.

 

ඇමෙරිකානු ප‍්‍රහාරක ඩ්‍රෝන යානයක්

 



අදහස් (0)

ඇමෙරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ 6 ක් මරුට

සන්ජු Thursday, 30 May 2013 10:16 AM

ඔය පැත්තේ ඉන්න ඔක්කොම පිරිමි ටික අල්ලලා මැරුවනම් ඔය ත්‍රස්තවාදය නැහැ ඒකතමා කරන්න තියන එක ම වැඩේ(අ)

:       0       0

සිල්වා Thursday, 30 May 2013 03:40 PM

කෝ එතකොට මානව හිමිකම් නැද්ද (දී)

:       0       0

මාලා Thursday, 30 May 2013 03:57 PM

ඔය මදි.... තව වැඩි කරන්න.... (දී)

:       0       0

ද සිල්වා Thursday, 30 May 2013 04:05 PM

කවුරු හරි ඩ්‍රෝනයක් බැරිනම් මොකක් හරි එවලා අපේ රට විනාශ කරන හොරකම් කරන මැර දේශපාලකයන්ට පාඩමක් උගන්වනවා නම් හොදයි (නි)

:       0       0

දිසානායක Thursday, 30 May 2013 12:06 PM

මස්සත්වයේ නාමයෙන් දැන්වත් මිනීමැරුම් නවත්තන්න (අ)

:       0       0

සංජිව Thursday, 30 May 2013 01:00 PM

ඇමරිකාව කල නිසා මානව හිමිකම් කඩ වෙලා නැතුව ඇති (දී)

:       0       0

උදාර Thursday, 30 May 2013 05:45 PM

ඇමරිකාව සියලු යුද්ද නවත්තපුදාට ලෝකේ එක මිනිහෙක්වත් ඉන්න එකක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site