ඇමරිකාව එල්ල කල ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ පොලිස් භටයන් 16දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඇෆ්ගනිස්ථානයේ දකුණුදිග හැමන්ඩ් පළාතේ ගම්මානයක තලේබාන් කැරළිකරුවන් සොයා පොලිසිය විසින් මෙහෙයුමක් සිදුකරන අවස්ථාවේ මෙම ගුවන් ප්‍රහාර එල්ල වී ඇත. මෙය අත්වැරදීමකින් සිදුවූ සිද්ධියක් බවත් ප්‍රහාර එල්ල කරන ලද්දේ තලේබාන් කැරලිකරුවන් ඉලක්ක කරගෙන බවත් නේටෝ සංවිධානය පවසා ඇත. සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවට ද නේටෝ සංවිධානය පොරොන්දු වී ඇත.

(බීබීසී පූවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd