ඇමෙරිකාවේ ජනගහනයෙන් 52%ක් එරට හිටපු ජනපති බැරැක් ඔබාමා අවශ්‍ය යැයි ඉල්ලන බවට සමීක්ෂණයිකින් හෙළි වී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට ජනපති වී දින 13ක් ගත වී ඇති අතර ඔහුගේ ජනපති ධූරය ගැන සතුටු වන්නේ ඇමෙරිකානුවන්ගෙන් 43%ක් පමණි.

එමෙන්ම 40%ක් නව ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කැමැත්ත පළ කර තිබේ.පසුගිය සතියේ එය 35%ක් ලෙස සඳහන්ව තිබිණි..

දෝෂාභියෝගය සඳහා වූ පෙත්සමක් අත්සන් කරමින් සිටින අතර මේ වන විට ඒ සදහා අත්සන් 500 000ක් පමණ ලැබී ඇත.

ට්‍රම්ප් මහතා නියමිත ඡන්ද කොට්ඨාස 270 ජයගත් නමුත් ප්‍රසිද්ධ මනාප වලින් මිලියන තුනකින් පමණ පරාජය වූවේය.

රටවල් හතක පුද්ගලයින්ට පනවා ඇති තහනමට පක්ෂව සිටින්නේ එරට ජනගහනයෙන් 26%ක් පමණක් බව එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත.

ට්‍රම්ප්ට එරෙහිව කැරෙන උද්ඝෝෂණ වලට හිලරි ක්ලින්ටන්ගේ බිලියනපති අනුග්‍රාහක ජෝර්ජ් සොරෝස්ගේ සහය ලැබෙනවා යැයි එරට ජනගහනයෙන් 48%ක් විශ්වාස කරන බවත් ජනගහනයෙන් 54%ක් මෙක්සිකානු දේශසීමාව හරහා තාප්පයක් ඉදිකිරීමට ඇමෙරිකාවේ මුදල් වැය කිරීමට විරුද්ධ බවත් හෙළී වී ඇත.

එම තාප්පය ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 14ක් වැය වනු ඇත.

වයස 30ත් 31ත් අතර ලියාපදිංචි ඇමෙරිකානුවන් 725 දෙනකු ආශ්‍රයෙන් මෙම සමීක්ෂණය සිදු කැරිණි.ඔවුන්ගෙන් 80%ක් ස්ථාවර දුරකථන සම්බන්ධතා භාවිත කරති.