චිලීයේ ඇටකාමා කාන්තාරයේ ජීවත් වන මේ පිරිස විශේෂයෙන් සකස් කරන ලද දැල් වර්ගයක් හරස් අතට සිටුවා ඒවායේ ගැටෙන මීදුමෙන් ජලය ‘‘වෙන් කර ගනිති.මේ දැල් සකස් කර ඇත්තේ චිලීයේ ඇල්ටෝ පටාචේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් විසිනි.දැලෙහි ගැටෙන මීදුම ඝන මීටරයකින් ජලය ග්‍රෑම් 0.005 සිට 0.5 දක්වා ප්‍රමාණයක් වෙන්කරගත හැකි බව කියැවේ.
ඇටකාමා කාන්තාරය සැළැකෙන්නේ ලෝකයේ වියළිතම ප්‍රදේශය ලෙසටය.මේ ප්‍රදේශයට කවරදාවත් වැසි වැටුණු බවට සදහනකුදු නොමැත.කාන්තාරය චිලීයේ සිට පේරු දක්වාම පැතිරේ.ජලය නොමැති වුවද වෙරළාශ්‍රිතව පිහිටීම නිසා කාන්තාරයේ හමනා සුළගේ ජලවාෂ්ප බහුලය.මේ ජලය වෙන්කර ගැනීමේ අරමුණින් මේ දැල් විශේෂය නිපදවා තිබේ.
දැල් මගින් ග්‍රහණය කරගැනෙන ජල බිංදු දැල පහළ ඇති නළයකට එකතු වන අතර බිංදු බිංදු එකතු වී එම නළය ඔස්සේ කාන්තාරයේ තැන් තැන්හි තබා ඇති ජලටැංකි කරා ගෙන යනු ලබයි.එකතු වන ජලය පානය කිරීමට තරම් පිරිසිදු තත්ත්වයේ පවතින බව පරීක්ෂණ වලින් සනාථව ඇත.
‘‘මීදුම් ජලය‘‘නිසා මෙතෙක් ජලය නොමැතිකමින් වගා කළ නොහැකිව අත්හැර දමා තිබූ කාන්තාරයේ දැන් වගා කටයුතුද සිදුවේ.ඉක්මනින්ම මේ ප්‍රදේශය ජනාවාසයට සුදුසු තැනක් බවට පත්වනු ඇතැයි විද්‍යාඥයෝ කියති.
COMMENTS
වටිනා තාක්ෂණයක්. අරාබියෙන් පැනලා ගනීවි. (ස)
මෙය ඉතාමත්ම විශිෂ්ඨ අදහසක්. (නි)
උත්සහාවන්ත මිනිස්සු. අපි වගේ පිටකොටුවේ උද්ඝෝෂන කර කර ඉන්නෙ නැතිව කරන මේ වැඩ අගය කරන්න ඕනේ (අ)