ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් එරට වේලාවෙන් පස්වරු 8.00 ට අද ජාතිය ඇමතීමට නියමිතය.
සති හතරක් පුරා රට තුළ සිදුවූ ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකරන ප්‍රථම ප්‍රසිද්ධ ප්‍රකාශය මෙය වේ.
ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව රජයේ නිලධාරිහු පවසති.
ඉන්ධන බදු ඉහළ නැංවීම, ජීවන වියදම ඉහළ යෑම සහ වෙනත් ගැටළු වලට විසදුම් අපේක්ෂා කරමින් ප්‍රංශ වැසියෝ දින ගණනාවක් පුරා ප්‍රංශයේ විරෝධතා පැවැත්වූහ.
එම තත්ත්වය හේතුවෙන් සමාජය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර අර්බුදයක් ඇති වී ඇති බව මුදල් අමාත්‍ය බෘෘනෝ ලී මාරි පැවසුවේය.
විරෝධතාකරුවන් එක් ලක්ෂ විසිපන්දාහකට වඩා වැඩි පිරිසක් සෙනසුරාදා දිනයේ වීදිවලට පැමිණ විරෝධතා දැක්වූ අතර 1,200 කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රංශයේ අගනුවරට විශාල හානියක් සිදුවී ඇති අතර දහ දහස් ගණන් විරෝධතාකරුවන් ජනෙල් කඩා බිඳ දැමීම්, මෝටර් රථ ගිනි තැබීම් මෙන්ම වෙළෙඳසැල් කොල්ලකෑම් ද සිදු කර ඇත.
මේ නිසා විරෝධතා මැඩපැවැත්වීම සඳහා කඳුළු ගෑස් මෙන්ම ජල ප්‍රහාර එල්ල කළේය.
මේ අතර ප්‍රචණ්ඩකාරී විරෝධතා නතර කිරීම සඳහා ප්‍රංශ ජනපතිවරයා වෙළෙද වෘත්තිය සමිති සාමාජිකයින් සහ ව්‍යාපාර ප්‍රධානීන් ද අද මුණගැසීමට නියමිතයි.
(63226)
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ජාතිය අමතයි