ජුලියන් අසාන්ජ්ට කිසිදු ‘විශේෂ සැලකිල්ලක්’ නොකරන බව ඕස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් අද (12) කීවේය.
බි‍්‍රතාන්‍යයේ දී අත්අඩංගුවට පත් වූ ලෝ ප‍්‍රකට විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ඕස්ටේ‍්‍රලියානු ජාතික පුරවැසියෙකි.
ඉක්වදෝරය ජූලියන් අසාන්ජ්ට රැකවරණ ලබාදීම අවසන් කිරීමට පියවර ගැනීමත් සමඟ ඔහු එලෙස ලන්ඩනයේදී අත්අඩංගුවට පත්විය. අසාන්ජ් වසර හතක් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ සරණාගත තත්ත්වය යටතේ රැකවරණ ලබමින් කල් ගත කළේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව අසාන්ජ් ලන්ඩන් නුවර අධිකරණයට ඉදිරිපත් කළ අතර 2012 වසරේ දී ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාවට හෙතෙම වරදකරු යැයි අධිකරණය තීන්දු කළේය. ඒ අනුව ඔහුට වසරක සිර දඬුවමක් නියම විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශයේ හිටපු විශ්ලේෂකයකු වන චෙල්සි මැනිං සමඟ 2010 වසරේදී එරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට අසාන්ජ් අවශ්‍ය කර තිබේ.
අසාන්ජ් එරටට එවන්නැයි ද ඇමෙරිකාව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. අසාන්ජ් ඇමෙරිකාවට අවශ්‍ය කර තිබෙන චෝදනාවේ නඩු විභාගය මැයි 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
විදේශයක සිටින ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු යම් උවදුරකට පත්වුවහොත් ඔහුට ලැබෙන සහාය ඒ ආකාරයෙන්ම අසාන්ජේට ලැබෙන්නේ යැයි ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයා කීවේය. කෙසේ නමුත් ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් නිසා අපට කරන්නට දෙයක් නැතැයි ද ඕස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් කීය.
‘‘අධිකරණ කි‍්‍රයාවලියක් තියෙනවා. තවත් බොහෝ දේවල් තිබෙනවා. ඒ සියල්ල වගේම තවත් කරුණු තිබෙනවා. ඒ සියල්ල අනුගමනය කළ යුතුයි. මේ වගේම අවස්ථාවලදී ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන්ට කන්සියුලර් කාර්යාලවලින් ලැබෙන සහාය ජූලියන් අසාන්ජ්ටත් ලැබෙනවා’’ යැයි අගමැති ස්කොට් මොරිසන් කීවේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘අසාන්ජ්ට විශේෂ සැලකිල්ලක් නැහැ’