IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අයි ෆෝනයක් ගන්න බබා විකුණයි

අයි ෆෝනයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට තම අලූත උපන් දියණිය විකිණූ යුවළක් ගැන චීනයෙන් වාර්තා වේ.

හෙළිව තිබෙන ආකාරයට දරුවා කුසයේ සිටින කාලයේදීත් මෙම යුවළ පුවත්පත් හා අන්තර්ජාලය පුරා නොයෙකුත් දැන්වීම් පල කරමින් අලූත උපන් බිළිදෙකු විකිණීමට සිටින්නේයැයි ප‍්‍රචාරය කර තිබේ.

බිළිදා උපන් විගසම ගැනුම්කරුවෙකුට පවුම් 5000 කට විකුණා ඇති මෙම යුවළ එම මුදලින් අයිෆෝනයක් ඇතුලූ වෙනත් විච්චූරණ රාශියක්ද මිලයට ගෙන ඇති බව පොලිස් පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.

යුවළගේ සැකකටයුතු හැසිරීම සම්බන්ධයෙන් අසල්වාසීන් විමසිලිමත්වීම නිසාවෙන් පරීක්ෂණ කටයුතු දියත් කර මෙම යුවළ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී අලූත උපන් දියණිය විකිණූ බව පිළිගෙන ඇති යුවළ තමන් එසේ කළේ දැනටත් දරුවන් දෙදෙනෙකු සිටින බැවින් ඇයට මදිපාඩුකම් වේ යැයි සිතා බව පවසා ඇත.නමුත් විකුණා ලබාගත් මුදල් විච්චූරණ මිලදී ගැනීම සදහා යෙදවුයේ ඇයිදැයි පොලිසිය විමසූ විට එයට දීමට පිළිතුරක් ඔවුනට තිබී නොමැත.

මිනිස් ජාවාරමේ යෙදුණේයැයි චෝදනා ලබා ඇති මෙම යුවළ වරදට වසර ගණනකට සිරගෙදරට යැවෙනු ඇති බව සදහන්ය.



අදහස් (0)

අයි ෆෝනයක් ගන්න බබා විකුණයි

සෙලනිකස් Sunday, 20 October 2013 10:45 PM

මෙහේ වගේ මරලා දානවට වඩා මෙහෙම කරන එක හොඳයි (නි)

:       0       0

සිරි Tuesday, 22 October 2013 11:06 AM

දැනට අවුරුදු දෙකකට විතර කළින් අයි ෆෝන් එකක් ගන්න තමන්ගෙ වකුගඩුවක් විකුණූ චීන කොලු ගැටයෙක් ගැන පත්තරවල තිබුණා මතකයි. (ස)

:       0       0

ගැමා Sunday, 20 October 2013 06:14 PM

ඔන්න චීනයේ යථාර්තය !!!(නදී)

:       0       0

හේමන්ත Sunday, 20 October 2013 07:13 PM

දඬුවම් දීම හොඳයි, නමුත් අනෙක් ළමයින්ට කාගේ පිහිටද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site