IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අය වැය හදද්දී යුරෝපා සංගම් රටවල් හයක් නීති කඩලා

බ්‍රසල්ස්හිදීය (රොයිටර්)
 
යුරෝපා සංගමයේ සාමාජික රටවල් හයක් ඔවුන්ගේ ජාතික අයවැය සැකසීමේදී එම සංගමයේ නීතිරීති කඩකරනු ඇතැයි යුරෝපා කොමිසම සඳහන් කරයි. 
 
යූරෝ මුදල් ඒකකය භාවිත කරන කලාපයේ මෙම රටවල් යුරෝපා සංගමයේ අයවැය හිඟය පිළිබඳ නීතිරීති කඩකරනු ඇතැයි ද යුරෝපා සංගමයේ අවශ්‍යතාව මත රාජ්‍ය ණය කපා හැරීමට එම රටවල් අසමත්වනු ඇතැයි ද යුරෝපා සංගම් කොමිසම කියයි. මේ අනුව එම රටවල් ගොන්නට ඉතාලිය, ප්‍රංශය සහ බෙල්ජියම ද අයත්ව තිබේ. 
 
ග්‍රීසිය හැර යුරෝපා සංගමයේ සියලු රටවල් ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සැලසුම්වල කෙටුම්පත් යුරෝපා කොමිසම විසින් විශ්ලේෂණය කරනු ලැබ තිබේ. එහිදි යුරෝපා සංගමයේ සාමාජික රටවල් අයවැය හිඟය  සහ රාජ්‍ය ණය පිළිබඳ සීමාවලට අනුව කටයුතු කරනු ඇත්දැයි සලකා බලයි. 
 
ජර්මනිය, ලිතුවේනියාව, ලැට්වියාව, ලක්ෂම්බර්ග්, ෆින්ලන්තිය, නෙදර්ලන්තය, එස්තෝනියාව, අයර්ලන්තය, සයිප්‍රසය, මෝල්ටාව සහ ස්ලෝවැකියාව යන රටවල් යුරෝපා සංගමයේ නීතිරීතිවලට සම්පූර්ණව හෝ පුළුල් ලෙස අනුකූලව කටයුතු කර ඇතැයි ද කොමිසම කියයි. 

එහෙත් ඉතාලිය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, පෘතුගාලය සහ ස්ලෝවැනියාව යන රටවලට යුරෝපා සංගමයේ නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට නොහැකි වීමේ අවදානමක් ඇති වී ඇතැයි යුරෝපා කොමිසම කියයි. එම රටවල් ගොන්නට ප්‍රංශය ද අයත් යැයි ද කොමිසම තවදුරටත් කියයි. 

යුරෝපා සංගමයේ නීතිරීතිවලට අනුව අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ට අඩු අගයකත් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 60කට අඩු අගයකත් පවත්වා ගත යුතුය. 
 
055



අදහස් (0)

අය වැය හදද්දී යුරෝපා සංගම් රටවල් හයක් නීති කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site