අයි.එස් සංවිධානය ඉරාකයේ නැවතත් ශක්තිමත්ව සංවිධානය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කුර්දි සහ බටහිර බුද්ධි අංශ මෙම තොරතුරු ලබාදී ඇති අතර ඉරාකයේ ඔවුන්ගේ පාලන ප්‍රදේශ අහිමි වීමෙන් වසර දෙකකට පසු නව මුහුණුවරකින් සටන් ආරම්භ වී ඇති බවත් අයිඑස් ප්‍රහාර වැඩිවෙමින් පවතින බවත් ඔවුන් සඳහන් කර ඇත.
අල් කයිඩා සංවිධානයටත් වඩා අයිසිස් සටන්කාමීන් දක්ෂ හා භයානක බව කුර්දි ත්‍රස්ත මර්ධන නිලධාරියෙකු වන ලාහුර් තලබානි පවසයි.
"ඔවුන් සතුව වඩා හොඳ ශිල්ප ක්‍රම, වඩා හොඳ උපක්‍රම සහ වැඩි මුදලක් ඇත. වාහන, ආයුධ, ආහාර සහ උපකරණ මිලදී ගැනීමට හැකියාව තිබේ. ඔවුන් තාක්ෂණිකව පොහොසත්ය. ඔවුන් ඉවත් කිරීම වඩා අපහසු වනු ඇත." ඔහු පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.