
ව්‍යාපාර වසා දමමින් දෙවැනි වරටත් රටටම අගුළු දැමීමට අයර්ලන්ත බලධාරීන් තීරණය කර ඇත. යුරෝපය තුළ මේ වනවිට නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් නිර්මාණය වී තිබෙන අතර එය පළමු රැල්ලට වඩා දරුණු යැයි සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවමින් පෙන්වාදෙති.
අවසන් පැය 24 ක කාලයේදී ජර්මනියෙන්, ඉතාලියෙන් සහ ප්‍රංශයෙන් වාර්තා ගත ලෙස ආසාදිතයන් වාර්තා වූ අතර මේ තත්ත්වය හේතුවෙන් මහද්වීපය තුළ යම් ආකාරයක බියක් ද නිර්මාණය වී තිබේ.
බොහෝ යුරෝපීය රටවල් නැවත වරක් ජාතික මට්ටමින් නිවසේ රැඳී සිටීමේ නියෝග ක්‍රියාත්මක කිරීමත් රටටම ලොක්ඩවුන් සීමා පැනවීමටත් යම් මැලිකමක් දක්වයි. රටම වසා දමන සීමා පැනවීමෙන් ආර්ථිකයට එල්ල වන දරුණු බලපෑමත් ජනතාවට මෙන්ම පාලන තන්ත්‍රවලට එල්ල වන දරුණු පීඩනය හා අපහසුතා යනාදියත් සැලකිල්ලට ගනිමින් එසේ රටම වසා දැමෙන ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට රටවල් පසුබට වී තිබේ.
කෙසේ නමුත් ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට අයර්ලන්ත ජනතාවට සති හයක කාලයක් නිවසේ රැඳී සිටීමේ නියෝග නිකුත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.
අයර්ලන්තයේ ජනගහනය මිලියන පහකට ආසන්න වන අතර නව සීමාවලට අනුව අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සියල්ල නවතා දැමිය යුතු වන අතර කඩසාප්පු ද වසා දැමිය යුතු ය.
වයිරසය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසුව දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන් මේ වනවිට යුරෝපීය රටවල් වන ජර්මනියෙන් සහ ඉතාලියෙන් වාර්තා වෙමින් තිබේ.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 18
570
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයර්ලන්තයට දෙවැනි වරටත් අගුළු දමයි