ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිට මරු කැඳවූ මෙහෙයුමේදී පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ නිලධාරියෙක් පැවැසීය.
“මෙහෙයුම අතරවාරයේ දී පුද්ගලයන් දෙදෙනෙකු පණ පිටින් අල්ලා ගත්තා. ඔවුන් දැන් අත්අඩංගුවේ පසුවෙනවා” යැයි පෙන්ටගනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ හමුදා කාර්ය මණ්ඩලයේ සභාපති මාර්කි මිලී මහතා ඒ බව පැවැසීය.
“ඔවුන් දැන් ආරක්ෂිත ස්ථානයක රඳවාගෙන සිටිනවා” යැයි මිලී මහතා කීය. කෙසේ නමුත් ඔවුන්ගේ අනන්‍යතාව ඔවුන් හා අල් බැග්ඩෑඩි අතර තිබූ සම්බන්ධය කුමක් ද යන කරුණු සම්බන්ධයෙන් හෙතෙම තොරතුරු කිසිවක් අනාවරණය නොකළේය.
ඇමෙරිකා විශේෂ හමුදා පසුගිය සති අන්තයේ දී උතුරුදිග සිරියාවේ දී මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් අල් බැග්ඩෑඩිට මරණය ගෙනාවේය. බැග්ඩෑඩි වසර පහකට වැඩිකාලයක් අන්තවාදී කණ්ඩායමක් වූ ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට නායකත්වය දුන්නේය. ඇමෙරිකානු හමුදා ක්‍රියාත්මක කළ මෙහෙයුම අතරවාරයේදී අයි.එස්. සාමාජිකයෝ විශාල සංඛ්‍යාවක් ද මරණයට පත්වූහ.
“ඇමෙරිකානු හමුදා අල් බැග්ඩෑඩි සැඟවී සිටින තැන සොයාගත්තා. ඔහු උමඟක සැඟවී සිටින බව සොයාගත් ඇමෙරිකානු හමුදා ඔහු සිටින ස්ථානයට ළඟා වුණා. ඒ අවස්ථාවේදී බැග්ඩෑඩි බෝම්බ කබාය පුපුරුවා ගත්තා” යැයි ද මිලී මහතා කීය.
ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා අයි.එස්. නායකයාගේ සිරුරේ ඉතිරි කොටස් ආරක්ෂිත ස්ථානයකට යැවූ බවත් අනන්‍යතාව හඳුනා ගත් පසු ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවැසීය.
අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ සිරුරේ කොටස් මුහුදට දැමූ අයුරින්ම අයි.එස්. නායක බැග්ඩෑඩිගේ සිරුරේ කොටස් ද මුහුද දැමූ බව වාර්තා විය.
ඇමෙරිකානු හමුදා 2011 වසරේදී ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් පාකිස්තානයේ දී ඔසාමා බින් ලාඩන් මරුමුවට පත්විය. කෙසේ නමුත් මාර්ක් මිලී අයි.එස්. නායකයාගේ සිරුරේ කොටස් මුහුදට දැමූ බවට වාර්තා වූ පුවත්වල සත්‍ය අසත්‍යතාව තහවුරු නොකළේය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055
2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයිඑස් නායක ඝාතන මෙහෙයුමේ දී දෙදෙනෙක් අත්අඩංගුවට