අමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර පැවැත්වීමට නියමිත හමුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා පවසයි.
අමෙරිකාවේ නිව්යෝක්හි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉරාන ජනපති හසන් රවුහානි යන මහත්වරු මෙසේ හමුවෙති.
ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් සම්බන්ධයෙන් හමුවේදී අවධානය යොමුවනු ඇත.
දෙරටේ ජනපතිවරුන්ට හමුවීමට මෑතක දී අවස්ථාව ලැබෙන එකම අවස්ථාව මෙය විය හැකි බව ප්‍රංශ ජනපතිවරයා පෙන්වා දෙයි.
අමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර සම්බන්ධතා නැවත යථා තත්ත්වයට පත්කිරීමේ වැදගත්කම ප්‍රංශ ජනපතිවරයා අවධාරණය කළේය.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)
COMMENTS
අර තුර්කි ජනාධිපති කියමන " න්‍යෂ්ටික බලය හැමෝටම තහනම් කළ යුතුයි.. " මුලික කරගෙන සාකච්චා පැවැත්තුවොත් සාර්ථක වෙයි. මම හරි කියලා වැඩේ පටන්ගත්තොත් හබක් තමා.