පොලිස් වෙඩි තැබීමකින් කළු ජාතික තරුණයකු මිය යාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ ආරම්භ කළ උද්ඝෝෂණය හේතුවෙන් වර්ණබේදවාදී ගැටුම් හටගැනීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. දින හතරක් පැවති උද්ඝෝෂණයට අඟහරුවාදා පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමත් සමග තත්තවය වඩාත් දරුණු වී ඇත. ජනාධිපති බැරක් ඔබාමාගේ උපදෙස් මත ඇමෙරිකානු නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මිසූරි ප්‍රාන්තයේ ගැටළුවට විසඳුම් සෙවීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා රෝයි, අතාරින්න එපා. අනික අනිත් රටවල මොන දේ වුණත් මෙයාල යනවා වැරදි පෙන්වන්න. මෙයාලා කරන හැමදේම මානව අයිතිවාසිකම් වලට හරිම සාධාරනයි.... (නි)
ඇමරිකාවට බනින අයගෙන් බහුතරය ඇමරිකාවට යන්න වීසා ඉල්ලලා ප්‍රතික්ෂේප උන අය. රුසියාවට වැඩිය ලොකුයිනේ ඊර්ෂියාව. හේතුවක් දන්නේ නෑ අනුන් බනින්නම් වාලේ බනිනවා මෙයාල හිතන්නේ ඇමරිකාවට බැන්නම මෙයාලටත් අාදායමක් ලැබෙනවා කියලා. (නදී)
දෙයියනේ! ඇමෙරිකාවේ මෙහෙම දේවලුත් වෙනවද? මට නම් හිතාගන්නවත් බැහැ. (නි)
ඇමරිකාවට බනින හැමෝටම වීසා එකක් දුන්නොත් නොගෙන ඉඳීද? (නි)
අනේ වාසනාවන්. අනිත් රටවල අවුලන ගින්න ඇමෙරිකාවෙත් ඇවිලේවා. (නදී)
ඇමෙරිකාවට ලංකාවේ අය යන්න හදන්නේ අපේ රට තවම දුප්පත් නිසයි. එම නිසයි ලංකාවේ බොහෝ දෙනෙක් දියුණු රටකට යන්න බලන්නේ. නැතුව අමෙරිකාවෙන් මනුස්සකම ඉගෙනගන්න නොවේ කියලා ඉහත අදහස් දැමු කීපදෙනෙක් තේරුම් ගත්තා නම් හොඳයි (නි)
ඇමරිකාවට කළ පව් පලදෙනවා (නදී)
පෙනෙන විදියට ඇමරිකාව ලෝක පොලිස්කාරයා වුණාට සමහර දේවල් තියෙනවා ඇමරිකාව නැත්නම් අපිට මෙහෙමවත් ඉන්න නොලැබෙන (නි)
මම ඇමරිකාවේ ජීවත්වුණත් ,කියන්නට තිබෙන්නේ ලෝකයේ තිබෙන අමානුෂික පොලිසිය තිබෙන්නේ ඇමරිකාවේ කියායි. (නි)
මගේ යාලුවෙක් ඉන්නවා ඇමෙරිකාවේ පදිංචිවෙලා. එයා කියන විදියට ඇමෙරිකාව කියන්නේ සුරපුරයක්. විටින් විට මේ තීරයේ ලියන ඇමෙරිකානු පුරවැසියොත් ඒ අදහසම අපට දෙනවා. ඉතින් ඒ කියන දේවල් බොරුද සංඛ? (නි)
මේකේ ඉන්න මොලේ ටිකක් මදි අය කියන විදියට ඇමරිකාව ඉතාම නරක රටක් නම් මොකද ලෝකේ ඉන්න හැමෝම මේකට එන්න හදන්නේ? ඕව ඉතින් දුකට කියන කතා.. මම මෙහේ බොහොම කලක් ඉන්න කෙනෙක්..ලංකාවට බනිනවා නෙවෙයි , නමුත් ලංකාවත් එක්ක බලනකොට මෙහේ දිව්‍යලෝකයක් හරියට වැදගත් විදියට ඉන්නවනම් (අ)
අනේ සුගුනවති නැන්දේ තමන් උපන් රටට කෙනහිලි කම් නොකරනු මැනවි.(අ)
ලංකාවේ පොලීසියට මානව හිමිකම් වලට අපහාස කරකර ඇමරිකාවට යුරොපෙට බෙල්ල නවන විශාරදවරුන්ට විශාදය වගේ ඇති නේද?අනුන්ට අවුලන ගින්දර තමන්ටත් පත්තු වෙන බව හිතට ගන්න හොද අවස්ථාවක්. (නදී)
අමෙරිකාවෙ තියෙන කුණුගොඩවල් ඇවිස්සුවොත් මුලුලෝකෙම ගද ගහනවා. ඒකයි අමෙරිකාව තමන්ගෙ කුණු තියාගෙන ලෝකෙ අනිත් රටවල කුණු අවුස්සන්නෙ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. (නදී)
මේ පොලිසිය පොලු අරගෙන යන්නේ මොකටද? (නි)
පුෂ්පසිරි අන්කල් ඔහොම තමයි ඉතින් ගමේ හැදිලා කොළඹ වත් දැකල නැති උනාම හිතට දුකයි (නදී)
සුගනවති නැන්දේ බැරිද මට ඉස්පොන්සර් කරලා මව ගන්න ඇමෙරිකාවට. (අ)
දැන් කට්ටිය මේක කාගේ ගිණුමට බැරකරයිද? (නි)
අනේ තරංග කොලුවෝ, .රටට නෙවෙයි බොලන් රටේ ඉන්න ගොන්නුන් ගැනයි මම කියන්නේ. මෙහේ පැත්තේ ආවොත් බලන්න බැරිය මෙහෙයි ඔහෙයි වෙනස (නදී)
රන්ජිත් ,පොලු අරගෙන යන්නේ කනා මුට්ටි බිදින්ට .(අ)
සුගුනවති මහත්මිය,ලෝකේ ඉන්න හැමෝම ඇමරිකාවට එන්න නම් දගලන්නේ නැහැ.මම ජීවත් වන රටේ කිසිම පුරවැසියෙක් වත් ඇමරිකාවේ පදිංචියට කැමති නොවෙන බව නම් මට [නළු නිලියෝ ඇරුණුකොට. මම ඉන්න රටේ බොහෝ නළු නිලියන්, හොලිවුඩ් වල ජීවත් වෙන්නේ] විශ්වාසයි නිවාඩුවකට ගිහිල්ලා එන්න නම් හොදයි. එහෙම නැතුව නවතින්නම නම්, ඔයිට වැඩිය හොද රටවල් ලෝකයේ බොහෝ තියෙනවා. (නදී)
කෝ පිල්ලේ නෝනලා (නදී)
කෝ අතේ ලකුණ ගහපු අය මේවට විරුද්ද නැද්ද ? මේ වත් ජාති වාදේ තමා (නදී)
කවුද බොලේ මේ සුගුනවති....? මට හිතෙන්නේ මම ඔයාව හදුනනවා, කතා විලාසය හොදට හුරුයි වගේ (නදී)
රන්ජිත්, පොලු අරගෙන යන්නේ මොකටද කියලා දන්නෙ නැද්ද? අනේ මන්දා! ඔයගොල්ලෝ ඉපදුන රටේ අපිත් ඉපදුනානේ? (නි)
සුගුනවති නැන්දට වයසක ඇමරිකන් කාරයෙක් හමුවෙලා කසාද බැඳලා වත්ද? දැන් එහෙට ආවඩනවා. මම සිතන්නේ වෙනත් රටක් තවම දකින්නේ නැතිව ඇති (නදී)
අනුන්ට දෙන ගින්දර තමන්ගේ ගෙතුළත් ඇවිලෙන රඟ.... (නි)
අපේ රටේ දුප්පත් කම නෙවෙයි තියන කුහක කම, ඔවය යන කට්ටිය බොහොම දෙනා රට ජයට පාවා දීලා තමයි ඔය රටවලට පනින්නේ. (අ)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දෙනවා කියන්නේ ඕකට තමා , දැන් අපිට කියන්නේ අන්‍යාගමිකයන්ට ඉන්න සුදුසු රටක් නොවේ .ලංකාව කියා කියා කරන වින තමා ඔය පත්තු වෙන්නේ.අපේ රටේ අපි සිංහල ,දෙමළ,මුස්ලිම් හැමෝම එදත් අදත්,හෙටත් බහුතරයක් එකට ඉන්නවා.ඔය අනුන්ගේ ලනු කාපු ටික දෙනෙක් ඔලුව නරක් කරන් හිටියට.(අ)
අනේ අම්මප මටත් ඔන්න පරණ යාලුවෙක් හම්බුනා වගේ. සෙලිනා අක්කත් ඉන්නේ මේ පළාතේද? චමින්ද මහත්තයෝ මම දන්නා තරමින් මුළු ලෝකයේම මිනිසුන් මෙහි ජීවත් වෙනවා. ඕකට අපි මොනවට තර්ක කරම්ද නේද කියන කෙනෙක් ඕන දෙයක් කියපුවාවේ. මම කිව්වේ ඇත්ත තත්වයයි (නදී)
අපි කවුරුත් අමතක කරන එක දෙයක් නම් මිනිස්සු හැටියට අපි කාගේත් අඩුපාඩුකම් තිබෙන බව. ඇමරිකාවේ ඉන්නෙත් අපි වගේ අය තමයි. (නි)
ධම්ම, නිකන් මෝඩකතා කියන්න එපා (නි)
මේ අපේ ඇලිස් නේද ගෙදර වැඩ කරපු ? දැන් ඇමරිකවේ ගිහින් නම වෙනස් කරලා සුගුනවති කියලා , අනේ අම්මප !!!!!(නදී)
ඔය කිව්වේ, ඔය කිව්වේ, දොඩන්ගොඩ රාළහාමිත් එක්ක කිසිම රහසක් තියාගන්න බැහැයි කියන්නේ ඕකනේ. (නදී)