අධිකරණයට අපහාස කිරීමට එරෙහි නෛතික කි‍්‍රයා මාර්ගවලින් නව අගමැතිවරයා සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් බැහැර කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ඊයේ (10) පාකිස්තාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර පාකිස්තානයේ නව අගමැති ලෙස තේරී පත් වූ රාජා පර්වේස් අෂ්රාෆ්ට සිය ධුරය අහිමි වීම වැළැක්වීමය. පර්වේස් අෂ්රාෆ් අගමැති ධුරයට පත් වූයේ ඔහුට පෙර එම ධුරයේ සිටි යූසොෆ් රාසා ගිලානී ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළේ යැයි වරදකරුවකු වීමෙන් අගමැති ධුරය අහිමි වූ නිසාය. ගිලානි වරදකරු වූයේ පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයක් නොසලකා හැරීම හේතුවෙනි. නව අගමැති ලෙස අෂ්රාෆ් රාජකාරි ආරම්භ කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට දැනුම් දුන්නේ ජනපති සර්දාරිට එරෙහිව එම නඩු විභාග යළි ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන ලෙසටය. ඒ සඳහා සති දෙකක කාලයක් ද ලබා දුන්නේය. එම කාලසීමාව අදින් (11) අවසන් වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට ප‍්‍රතිචාර දක්වමින් අගමැති අෂ්රාෆ් පවසා ඇත්තේ සර්දාරිට එරෙහිව නඩු පැවැරීමට හැකි වන්නේ ඔහු ජනපති ධුරයෙන් ඉවත් ව ගියාට පසු බවය. ජනපති ධුරයේ සිටිද්දී සර්දාරිට එරෙහිව නීති මගින් කි‍්‍රයා කිරීමට නොහැකි බව ද අගමැති අෂ්රාෆ් වැඩිදුරටත් කියා තිබේ.
2025 නොවැම්බර් මස 04
365
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපහාස නීතියෙන් අගමැති ගැලවෙන පනතක් පාකිස්තාන මැතිසබයට