IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අන්තර් ශාන්තිකර නායක හමුව අවුලක

ඩැනැන්ග් (රොයිටර්)
 
අන්තර් ශාන්තිකර හවුල්කාරීත්වයේ රටවල් 11 නායකයන්ගේ හමුව සැලසුම් කළ පරිදි සිදු නොවූ බව බලධාරීහූ අද (10) ප්‍රකාශ කළහ.
 
වියට්නාමයේ පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතාවයේ සමුළුවට සමගාමීව අන්තර් ශාන්තිකර හවුල්කාරීත්වයේ රටවල නායකයන්ගේ හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ඇමරිකා එක්සත් ජනපදය අන්තර් ශාන්තිකර හවුල්කාරීත්වයෙන් ඉවත් වීමත් සමඟ එය තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම හමුවේ අරමුණ වී තිබිණි.
 
“හමුව සැලසුම් කළ පරිදි පැවැත්වුණේ නැහැ. තව කළ යුතු කටයුතු කිහිපයක් තිබෙනවා. දැනට එම කටයුතු සිදුවෙනවා” යැයි කැනඩා නිලධාරියෙක් පැවැසීය.
 
අන්තර් ශාන්තිකර හවුල්කාරීත්වයේ රටවල වෙළෙඳ අමාත්‍යවරුන් බ්‍රහස්පතින්දා (9) මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර එහිදි කුමක් හෝ ගිවිසුමකට එළැඹුණේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවීය.  ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කළ බව ජපානය නිවේදනය කළ ද කැනඩාව ඒ සම්බන්ධයෙන් විරෝධතාව ප්‍රකාශ කර තිබූ බව ද වාර්තා විය.
055



අදහස් (0)

අන්තර් ශාන්තිකර නායක හමුව අවුලක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site