IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අජටාකාශ ඇඳුම් හිඟවීමෙන් ප්‍රථම කාන්තා ද්විත්ව මෙහෙයුමට තිත

අජටාකාශ ඇඳුම් හිඟවීම හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත සිදුකිරීමට සැලසුම් කළ ප්‍රථම කාන්තා ද්විත්ව මෙහෙයුම නවතා දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.
 
පසුගිය සිකුරාදා දිනයේ ක්‍රිස්ටිනා කෝච් සහ ඈන් මැක්ලේන් යන නියමුවරියන්  වියලි කෝෂ කිහිපයක් සවිකිරීම සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටතට යෑමට නියමිතව තිබිණි.
 
නමුත් දෙදෙනාටම අවශ්‍ය මධ්‍යම ප්‍රමාණයේ අජටාකාශ ඇඳුම් තිබුණේ එකක් පමණක් හෙයින් මැක්ලේන්ට පිටතට යෑමට නොහැකි වී ඇති අතර නික් හැගේ නම් සහායකයෙකු සමඟ උපදේශකවරයා පමණක් මධ්‍යස්ථානයෙන් පිටතට ගිය බව නාසා සඳහන් කරයි.
 
මෙම එකම ඇඳුම ඔවුන් හුවමාරු කරගෙන පාවිච්චි කර ඇති බව සඳහන් වේ.
 
මධ්‍යම හා විශාල යන ප්‍රමාණ දෙකේම අජටාකාශ ඇඳුම් පැළඳගෙන මැක්ලේන් පුහුණු වී ඇති නමුත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටතට ගිය ප්‍රථම ගමනින් පසු ඇයට ගැළපෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ ඇඳුම බවට තීරණය කෙරිණි.
 
අප්‍රේල් මස අටවෙනිදා සිදුකිරීමට නියමිත ඇගේ ඊළඟ ගමන ද සහායකයෙකු සමඟ යෑමට සිදුවී ඇති බව සඳහන් වේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හූස්ටන් අභ්‍යවකාශ පාලක මධ්‍යස්ථානයේ බ්‍රැන්ඩි ඩීන් මෙසේ පවසයි.


" විවිධ ප්‍රමාණ වල අජඨාකාශ ඇඳුම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සපයා තිබෙනවා. නමුත් මධ්‍යස්ථානයේ පවතින ශුන්‍ය ගුරුත්වය යටතේ පුද්ගලයන්ගේ ශරීර ප්‍රමාණය වෙනස් ‍වෙනවා. එයට ගැළපෙන ලෙස කඩිනමින් ඇඳුම් සකස් කිරීමට නොහැකි වීම මෙයට හේතු වුණා."
 
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු මෙතෙක් කාන්තාවන් දෙදෙනෙකු පමණක් පිටතට ගොස් මෙහෙයුම්  කටයුතු සිදුකර නොමැත.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිණි - 085)



අදහස් (0)

අජටාකාශ ඇඳුම් හිඟවීමෙන් ප්‍රථම කාන්තා ද්විත්ව මෙහෙයුමට තිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site