IMG-LOGO

2024 දෙසැම්බර් මස 11 වන බදාදා


අගමැති පුටින්ට එරෙහි විරෝධතා රුසියාව පුරා

රුසියාවේ පැවැත්වුණු මහ මැතිවරණය දුෂිත බව පවසමින් සහ අගමැති ව්ලැඩිමීර් පුටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් පෙරේදා (10) මොස්කව් නුවර ඇතුළු රුසියාවේ නගර රැසක දැවැන්ත විරෝධතා පෙළපාළි පැවැත්විණි. විපක්ෂ කණ්ඩායම් සංවිධානය කළ එම විරෝධතා පෙළපාළිවලට පනස්දහසක් පමණ ජනයා සහභාගී වූ බව පොලිසිය පවසයි. අගමැති පුටින්ට එරෙහිව විපක්ෂ කණ්ඩායම්වලින් නැගුණු දැවැන්තම විරෝධතා රැල්ල මෙය යැයි රුසියානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. අගමැති පුටින්, ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව් ඇතුළු දොළොස් වසරක් පුරා රුසියාව පාලනය කරන එක්සත් රුසියා පක්ෂයේ සිටින්නේ හොරු රැලක් බවත් ඡන්ද ප‍්‍රතිපලය අවලංගු කොට මහ මැතිවරණය යළි පැවැත්විය යුතු බවත් පවසමින් විරෝධතාකරුවෝ හඬ නගන්න වූහ. මීට සතියකට පෙර එනම් ඉකුත් 4 වැනිදා පැවැති රුසියා මහ මැතිවරණයෙන් සියයට 49.5ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගෙන ජයග‍්‍රහණය කළේ ‘එක්සත් රුසියා’ පක්ෂයයි. එහිදී 450ක් වන සමස්ත ආසන ගණනින් ආසන 238ක් ලබා ගෙන ජයග‍්‍රහණය කළත් ඔවුන්ට බහුතර බලය හිමි නොවිණි. එම මැතිවරණය අක‍්‍රමිකතාවලින් පිරුණු එකක් යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද පවසා ඇත. මෑතකාලීන රුසියන් ඉතිහාසයේ ප‍්‍රබලතම ජන උද්ඝෝෂණය ලෙස මෙය වාර්තා වේ. විරෝධතා පෙළපාළි මොස්කව් නුවරින් බැහැර පිහිටි සයිබීරියා සහ යූරල් ප‍්‍රදේශවලද පැවැත්වෙන බව රුසියන් මාධ්‍ය පවසයි. ඡන්ද ප‍්‍රතිපලය අවලංගු කොට මහ මැතිවරණය යළි පැවැත්වීමට රජයට බල කරන්නැයි හිලරි ක්ලින්ටන් ද රුසියානු විපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ. මේ නිසා රුසියානු වැසියන් උසිගන්වන්නේ ඇමෙරිකාව යැයි අගමැති පුටින් ඇමෙරිකා රජයට දොස් පවරා ඇත. රුසියාවේ පැවැත්වෙන විරෝධතාවලට සහාය දක්වමින් ඇමෙරිකාවේ වාසය කරන රුසියන් ජාතිකයින් ද විදීවලට බැස සිය විරෝධතාවය පළකළහ. රුසියාවේ ජනාධිපතිවරණය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී පුටින්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. මොස්කව් නුවරට රැස්වූ විරෝධතාකරුවෝ...



අදහස් (0)

අගමැති පුටින්ට එරෙහි විරෝධතා රුසියාව පුරා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සිරියාවට භාරකාර රජයක්
2024 දෙසැම්බර් මස 11 136 0

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා බලය අල්ලා ගත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඉස්ලාමීය සටන්කාමීන් එක් වී, නව භාරකාර රජයක් පිහිටුවා ඇති අතර, එ


බ්‍රසීල ජනපති ලූලාට හදිසි සැත්කමක්
2024 දෙසැම්බර් මස 11 93 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසි සැත්කමකට භාජන කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 79 හැවිරිදි ජනාධිපතිවරයා හදිසි සැත්කමකට භාජන කළේ අභ්‍යන්තර රුධිර වහනයක්


අප්‍රිකාවේ අභිරහස් වයිරසයට 143 ක් බිලි
2024 දෙසැම්බර් මස 11 86 0

නව අභිරහස් වයිරසය උණ රෝගයක්, අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝ ජනරජයේ ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේ වනවිට කුඩා දරුයන් ද ඇතුළු 143 දෙනකු


ඇමෙරිකන් මාධ්‍යවේදියාට නිදහස
2024 දෙසැම්බර් මස 10 343 0

දශකයකට ආසන්න කාලයක්, සිරියානු රජයේ අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් මාධ්‍යවේදී ඔස්ටින් ටයිස් ට නිදහස හිමිවිය. සිරියානු රජය ටයිස් අත්අඩංගුවට ගත්තේ ඔහු ඩමැස්


විමසිල්ලෙන් බලා ඉන්නවා - බයිඩන් පරිපාලනය
2024 දෙසැම්බර් මස 10 165 0

සිරියාවේ බෂාර් අල් අසාද් පාලනය පෙරළා දැමීම සහ විපක්ෂ කණ්ඩායම් සහ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි විම


සිරියානු සටන්කාමීන් සමඟ කටාරය සාකච්ඡා
2024 දෙසැම්බර් මස 10 205 0

සිරියාවේ අසාද් බාලනය පෙරළා රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිසක් සාකච්ඡා


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 42 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 42 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 99 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site