IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


වසර 12ක් පිරෙන බෞද්ධයා රූපවාහිනිය

බෞද්ධයා නාළිකාවේ කාර්ය මණ්ඩලය

 

 

අප මහා බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක පිරිස අරභයා දේශනා කොට වදාළේ “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය සුඛාය.......” සියලුම ජනතාවගේ හිතසුව පිණිස ධර්මය ප්‍රචාරය කිරීමේ කටයුත්තෙහි නිරත වන ලෙසයි. ඒ උතුම් බුදු වදන පෙරදැරි කර ගනිමින් මීට වසර 12කට පෙර බෞද්ධයා රූපවාහිනී නාලිකාව 2007 ජුනි මස 30 වනදා ආරම්භ කෙරිණ. අදට ඒ මාධ්‍ය සත්කාරයට වසර 12ක් සම්පූර්ණ වන දිනයේ එහි පසුවිපරමක් හා අනාගත සැලසුම් පිළිබඳව සුපින්වත් ඔබව දැනුම්වත් කරන්නට මේ ලිපිය මගින් අපි බලාපොරොත්තු වෙමු.


අපවත් වී වදාළ අතිපූජනීය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී විශ්වකීර්ති ශ්‍රී සාසන ශෝබන දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් මත මෙය ආරම්භ කෙරුණි. මේ සඳහා එවකට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමි වහන්සේගෙන් ලැබුණේ නොමද අනුශාසකත්වයකි. එසේම එවකට අගවිනිසුරු ධුරය දැරූ සරත් නන්ද සිල්වා මැතිඳුන්ගේ මූලිකත්වය අප ඉතාම ඕනෑකමින් සිහිපත් කරමු.
මෙහිදී අපට ආරම්භ කිරීමට වැය වන මූලික වියදම ඉතා අධික වන නිසා එය දැරීමට හැකිවන්නේ කෙසේ දැයි සිතා සිටින මොහොතක අන්‍යාගමිකයකු වුවද බෞද්ධ දර්ශනයේ තිබෙන වටිනාකම මැනවින් තේරුම්ගත් මොහන්දන් කනකේ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය වන ධනය වැය කරන්නට නිස්සරණාධ්‍යාශයෙන් ඉදිරිපත් වීම මහත් භාග්‍යයකි.
සියල්ල සූදානම්ව එළඹුණු සුබ මොහොතින් එවකට 5 වන විධායක ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ පිංවන්ත සුරතින් නාලිකාව ආරම්භ කෙරිණ. මේ වෙනුවෙන් දෙස් විදෙස් ගිහි පැවිදි දෙපාර්ශ්වයම පැමිණීම අපට මහත් ආශිර්වාදයක් බවට පත්විය. මෙලෙස ඉතා සාර්ථකව ආරම්භ කෙරුණු අප නාලිකාව දිනෙන් දින දියුණුවෙමින් ඉදිරියට පැමිණෙන්නට විය. ඒ සඳහා ප්‍රබල සාධකය බවට පත්වන්නේ සුපින්වත් ඔබගේ නොමද දායකත්වය හා ඔබ අප හා බැඳුණු ආධ්‍යාත්මික ඥාතීත්වයයි.


මෙසේ දිනෙන් දින දියුණුවට පත්වන අප නාලිකාවට 2015 වර්ෂයේ මැයි 15 වනදා බෞද්ධයා ගුවන්විදුලිය එකතු වන අතර එදිනම රූපවාහිනී නාලිකාව UHF සංඛ්‍යාතය ඔස්සේ බස්නාහිර පළාතට සාමාන්‍ය නාලිකාවක් ලෙස නරඹන්නට අවස්ථාව උදා විය. ඒ වාගේම 2016 වර්ෂයේ සම්බෝධි සදහම් සඟරාවත් අප මාධ්‍ය ජාලයට එක්කාසු විය.
මේ සන්නිවේදන සත්කාරය මෙලෙස දියත් කරන අතරවාරයේම අසදෘශ මහා පිංකම් රාශියක් ද සංවිධානය වනවා. මියුගුණ සෑ වන්දනාව, සෝමවතී සෑ රද වන්දනාව, මහ බෝ මහ සෑ වන්දනාව, සොළොස්මස්ථාන වන්දනා යනාදී පිංකම්ද විදේශීය වශයෙන් තායිලන්තය, ඉන්දියාව, බුරුමය යනාදී රටවලත් පිංකම් සංවිධානය කිරීමට අපට හැකියාව ලැබෙන අතර මෙතෙක් ශ්‍රී ලංකා රූපවාහිනී මාධ්‍ය ඉතිහාසයේ විදෙස් රටක සිට ගෙන ආ දීර්ඝතම සජීවී වැඩසටහ විකාශය කරන්නට අපට හැකියාව ලැබේ.


මේ සෑම මොහොතකම ලක්ෂ සංඛ්‍යාත බැතිබර ජනතාවගේ දායකත්වය අපට ශක්තියක් විය. ගව අභයදානය, ප්‍රජා සත්කාරක වැඩසටහන්, දරු දිරි සහන වැඩසටහන හා විවිධ ව්‍යවසනයන්හිදී රටේ කොතැනක වුවත් එයට අවශ්‍ය කරන සහාය ලබාදීමට අපි කැප වීමු. මෙලෙස දස වසරක් සම්පූර්ණ වීමේදී නොසිතූ ලෙස අතිපූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම අපට දැරිය නොහැකි පාඩුවක් විය. අපට අප අසරණ බව දැඩිව දැනෙන්නට විය. අපට නැගිට ගන්නට නොහැකිව, මානසිකව පීඩාවට පත්ව සිටින විට අපට නැවත නැගිටීමට හැකියාව ලබා දුන්නේ ආශිර්වාද කළේ පිංවත් අපගේ මහා සංඝරත්නය හා දායක සුපින්වත් ජනතාවයි.


එයට කදිම නිදසුන බවට පත්වන්නේ පූජනීය කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පිංකමේදී ලක්ෂ 10 කට අධික පිරිසක් අපත් සමඟ එකතු වීමයි. දැන් අපට අවුරුදු 12 කි. වර්තමානයේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය බොරලන්දේ වජිරඤාණ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, වෛද්‍ය හර්ෂ අලස් මැතිතුමා, සරත් එන්. සිල්වා මැතිතුමා, වසන්ත කරන්නාගොඩ මැතිතුමා, සුරනිමල සේනාරත්න මැතිතුමා හා දිලිප් ජයවීර මහතා ප්‍රමුඛ වියත් හා ශ්‍රද්ධාවන්ත පාලන මණ්ඩලයක් මගින් සැදුම්ලත් මනා කළමනාකාරීත්වයකින් පෙරටත් වඩා හොඳින් හා සැලසුමකට අනුව අපි කටයුතු කරගෙන යන්නේය.

 

 


වත්මන් අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමාගේ හා මූල්‍ය හා සුබසාධන අධ්‍යක්ෂ මහේෂ් අල්විස් මහතා හා වැඩසටහන් උපදේශක නීතිඥ ශෂික ජයතිලක මහතා මෙන්ම බෞද්ධයා ගුවන් විදුලි අධ්‍යක්ෂ සහන් වනිගරත්න මහතා ප්‍රමුඛ සමස්ත කාර්යය මණ්ඩලයේ කැපවීම හා උනන්දුව මේ ගමනට මහත් ශක්තියක්. දිනෙන් දින ඔබගේ සුපින්වත් ආශිර්වාදය මැද කාලෝචිත හා අධ්‍යාත්මික ගුණ වඩාවර්ධනය වන වැඩසටහන් මෙන්ම, ශ්‍රී සම්බුද්ධ ශාසනයට පළිබෝධනයක් බවට පත් වන දෑ පිළිබඳව ඔබව දැනුම්වත් කරමින් ඒවා උදෙසා මර්දන ප්‍රඥප්ති සකස් කිරීමට අප විසින් සිදුකරන මහත් සාසන හිතකාමී වැඩපිළිවෙළකි. ඒ සඳහා අපට හොඳම උදාහරණය බවට පත්වන්නේ ශ්‍රී සද්ධර්ම ත්‍රිපිඨකය ජාතික උරුමයක් බවට පත්කිරීමේදී අප ලබා දුන් දායකත්වයයි.


මෙලෙස ශාසනික හා සමාජීය කාර්යයන් රැසක් දියත් කරමින් වසර 12ක් පැමිණි අප ඉදිරියේදීත් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ශ්‍රී සද්ධර්මය ඔබ හට බෙදා දෙන්නට බලාපොරොත්තු වන අතර, ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය හා දායකයන් වන සුපින්වත් ඔබගේ නිහතමානී මැදිහත් වීමත් ඉදිරියේදීද ලබාදෙන මෙන් කාරුණිකව සිහිපත් කරමින් බෞද්ධයා රූපවාහිනිය නිර්මාණය කරමින් සුවහසක් ලෝක සත්වයන්ගේ දහම් පිපාසය නිවාලන්නට මේ අමා දම්දොර විවරකොට අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසලධම්ම නාහිමි හට මතු ලොව්තුරා බුදු බව අත්වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

 


තෙරුවන් සරණයි

 

කල්‍යාණ අලවත්තේගම
වැඩසටහන් අධ්‍යක්ෂ, බෞද්ධයා මාධ්‍ය ජාලය.



අදහස් (0)

වසර 12ක් පිරෙන බෞද්ධයා රූපවාහිනිය

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

‘මම ආසයි මේ කඳු ඇතුළෙ තියෙන සැඟවුණු - ගුප්ත ඉතිහාසයට ’ - මදුෂාන් නෙරංජන්
2025 ජනවාරි මස 16 30 0

පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.


මේ ගස් හැර තවත් ගස් තිබේ ද?
2025 ජනවාරි මස 16 23 0

මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.


බෙල්වුඩ් සීතල පාරාදීසයට
2025 ජනවාරි මස 15 32 0

මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි


කල්වාරි පාලමෙන් එගොඩ වී කුරුස කන්ද පුදබිමට
2025 ජනවාරි මස 15 35 0

දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.


පතුලක් නැති දිය ඇල්ල බලන්න යමුද ?
2025 ජනවාරි මස 15 42 0

අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ


දරුවා දැඩිසත්කාරයේ පසුවෙද්දී ස්වාමියාට ත්‍රස්තවාදී ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 51 0

ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 327 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site